දශයකට අධික කාලයක් සිය මාධ්‍ය ජිවිතය තුළ විවිධ බාධක මධ්‍යයේ සාර්ථක ගමනක් ආ තරුණ මාධ්‍යවේදියෙකි ධනුෂ්ක දිලිනුවන්. මාධ්‍ය ජාල කිහිපයක් සමග සිය මාධ්‍ය ජීවිතයේ කාලය බෙදාගත් ධනුෂ්ක සමගින් මිරර්ආර්ට්ස් ඔහුගේ තොරතුරු මෙසේ බෙදාහදා ගත්තා.
ඔබ මොන වගේ චරිතයක්ද?
ධනුෂ්ක දිලිනුවන් කියන්නේ ඇත්තටම සරල ගති පැවතුම් තියෙන කෙනෙක්. ඕනෑම කෙනෙක් එක්ක සුහදව කටයුතු කරන හා ලද දෙයින් සතුටු වෙන තරුණයෙක්. ඒ වගේම තමා හැම වෙලාවෙම සතුටින් නිදහසේ ජීවත් වෙන කෙනෙක්. ගොඩක් තරුණයෝ වගේ මාත් ස්වඋත්සාහයෙන් ඉදිරියට යන්න උත්සාහ කරන හා හැම වෙලාවේම සාර්ථකත්වය ගැන ලොකුවට හිතෙන කෙනෙක් කිව්වොත් හරි.
ඇයි ඔබ මාධ්‍ය ක්ෂේත්රයට පිවිසෙන්න හිතුවේ?
මට ලොකු අරමුණක් තිබුණා නිවේදකයෙක් වෙන්න. නිතරම වගේ ඒ කාලේ ඔය නාලිකාවල විකාශය වෙන ප්‍රවර්ධන වැඩසටහන් මම නරඹන්න පුරුදු වෙලා හිටියා. එතකොට තමයි මගේ ඒ කැමැත්ත තවත් වැඩි වුණේ. උසස් පෙළ විභාගය අවසන් කරලා මම රැකියා කිහිපයකට යොමු වුණා. ඒත්, පස්සේ තේරුම් ගියා මේ වෘත්තීන් මට ගැලපෙන්නේ නැහැ කියලා. ඔය අතරේ තමයි මට ස්වාධීන රූපවාහිනී නාලිකාවේ සේවය කරන සම්පත් අයියා මුණගැහෙන්නේ. ඔහුගේ මඟ පෙන්වීම මත මම රුපවාහිනී අභ්‍යාස විද්‍යාලයට යොමු වෙනවා. එතැනින් තමයි මගේ මාධ්‍ය ජීවිතේ ආරම්භය සිද්ධ වෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනා සිරසේ අමර ශ්‍රී බණ්ඩාර අයියා. දෙරණේ සුමුදු මහිල් ජයවීර අයියා හා සියතේ උදේශාන් ඉඩමේගෙදර අයියාව.
මාධ්‍ය ජීවිතේ ඔබ මුහුණ දුන් අභියෝග මොනවද?
අතීතයේ හා වර්තමානයේ මාධ්‍යවේදියා අතර අද ලොකු වෙනසක් ඇති වෙලා තියෙනවා. අද තාක්ෂණය දියුණුයි. ඒ වගේම සමාජ මාධ්‍ය අද කාටත් නැතුවම බැරි දෙයක් බවට පත් වෙලා. මේ දේවල් එක්ක යම් අභියෝගවලට මුහුණ දෙන්න අද ඉන්න මාධ්‍යවේදීන්ට සිදුවෙලා තියෙනවා. දේශපාලනඥයින් සමග වගේම විවිධ තරාතිරම්වල පුද්ගලයින් සමග වැඩ, ගනුදෙනු කරද්දි විශාල අභියෝගවලට මුහුණ දෙන්න අද මාධ්‍යවේදීන්ට සිදු වෙලා තියෙනවා. මගේ මතය නම් මාධ්‍යවේදියෙක් කියන්නේ හැමෝම එක්ක සුහදව කිසිම පාර්ශවයකට පක්ෂග්රාහී නොවී කටයුතු කළ යුතුයි කියලා.
මාධ්‍ය ජීවිතේ තුළ ඔබ මේ ගත කරපු කාලය ගැන තෘප්තිමත්?
ඔව්, දශකයකට වඩා වැඩි කාලයක් මම මේ ක්ෂේත්රය තුළ වැඩ කළා. මගේ ගමන සුන්දර එකක් නෙමෙයි, ඉතා දුෂ්කර එකක්. නමුත්, මේ හැම දෙයක්ම මම අභියෝගයක් විදිහට භාරගෙන කටයුතු කළා. අද මම ඒ ආපු ගමනේ සාර්ථකත්වය විඳිනවා. මේ ආපු ගමනේදී මට උදව් කරපු කිහිප දෙනෙක් ඉන්නවා. හසිත විජේවර්ධන, ගයාන් අමිල, තිසංක ගමගේ, අනුරාධ සිගේරා, දමිත් කස්තුරි යන අයට මේක අවස්ථාවක් කරගන්නවා ස්තුති කරන්න. ඒ වගේම මගේ බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියේදී මාධ්‍ය ජීවිතේට සමු දීලා විදෙස්ගත වෙන්න. ඒ ගැන මේ දිනවල සැලසුම් කරමින් ඉන්නවා.
මාධ්‍ය ක්ෂේත්රයට එන්න ගොඩක් අය කැමතියි. ඒ අයට යමක් කියනවා නම්?
හොඳ තැනකට එන්න කට්ටක් කන්නම ඕනා. ඒ කට්ට කෑව නිසා තමා අද මම මාධ්‍ය ජීවිතය තුළ සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙන්නේ. හැම දෙයක්ම අපි හිතන පතන විදිහට ලැබෙන්නේ නැහැ. අපි ඒකට මහන්සි වෙන්න ඕනා. කැපිලි කෙටිලි බාධක එන තරමට තමා ඕනෑම වෘත්තියක් රසවත් වෙන්නේ. මම හිතන විදිහට කැපවීමෙන් වැඩ කළොත් මේ ක්ෂේත්රය තුළ සාර්ථක ගමනක් යන්න පුළුවන්.
සංවාදය : බුද්ධික සේනාධීර