මෑත කාලයේ කලා ක්ෂේත්රයට ආ නවක තරු අතරේ සුවිශේෂී තැනක් හිරුණි මංජලීට හිමි වන්නේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වන ශක්ති (සිදූ දෙවැනි කොටස) ටෙලි නාට්‍යයේ ලින්ඩිට පණ පෙවීම හේතුවෙනි. ඇය ඉදිරි කාලයේදී තවත් කලා නිර්මාණ බොහෝමයක් ඔස්සේ ප්‍රේක්ෂක ඔබ හමුවීමට සූදානමින් සිටියි.
හිරුණි කලාවට සම්බන්ධ නොවුණා නම්?
බොහෝ විට මම පශු වෛද්‍යවරියක් වේවි. මොකද, පොඩි කාලේ ඉඳලාම මම සත්තුන්ට ගොඩක් ආදරේයි. පොඩි කාලේ නම් මම සත්තු ගොඩක් ගෙදර ඇති දැඩි කළා. හාවෝ, පූසෝ, කුරුල්ලෝ ගොඩක් මා ගාව හිටියා. ඒත්, දැන් නම් මම සත්තු හදන්නේ නැහැ. ඒ අය නැති වුණාම මට ගොඩක් දුක හිතෙන නිසා. වෘත්තීන් කිහිපයකම වැඩ කරපු නිසා පුංචි කාලේ දැකපු ඒ හීනේ මගෙන් ඈත්වෙලා ගියා. ඒත්, අදටත් මම අසරණ සත්තු වෙනුවෙන් පුළුවන් හැම වෙලාවේම පෙනී ඉන්නවා.
ඔබට තියෙන්නේ ටිකක් දඟකාර පෙනුමක් නේද?
එක එක අයට මාව විවිධත්වයෙන් පේනවා. සමහර අයට මාව දඟකාර විදිහට පේනවා. සමහර අයට අහිසංක විදිහට පේනවා. හැබැයි මම හිතන විදිහට මම බොහෝම සරල ගතිපැවතුම් තියෙන සරල ජීවිතයක් ගත කරන්න කැමති කෙනෙක්. හැමෝම එක්ක සුහදව කටයුතු කරන්න කැමති ආදරණීය චරිතයක් කිව්වොත් හරි.
ඔබ වෘත්තීන් කිහිපයකම වැඩ කරපු කෙනෙක්?
ඔව්, මුලින්ම මම වෛද්‍ය රසායනගාරයක කාර්මික ශිල්පිනියක් ලෙස සේවය කළා. ඊට පස්සේ ඒ වෘත්තියෙන් ඉවත් වෙලා ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් විදිහට වැඩ කළා. ඔය අතරතුර තමා රංගනයට ආවේ ප්‍රදීප් මානවඩු අයියාගේ ආරාධනයක් මත. අධ්‍යක්ෂක තිළිණ බොරලැස්ස මහතාවත් විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මට රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරන්න අවස්ථාව ලබා දුන්නට. දැන් මම රංගනයෙන් තාවකාලිව ඉවත් වෙලා ඉන්නවා. මොකද, මනෝ විද්‍යාව පිළිබඳව වැඩිදුරටත් මම හදාරමින් ඉන්න නිසා.
ඔබ පාසල් කාලේ කලාවට සම්බන්ධ වුණාද?
ඔව්, මම විෂයක් විදිහට නාට්‍යය හා රංග කලාව කළා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මගේ පළමු රංගන ගුරුවරිය තමා අනුෂ්කා උදේනි මහත්මිය. ඇය තමයි මට රංගනය ගැන මුලින්ම ඉගැන්වූයේ. ඒ දේවල් ලොකු පිටුවහලක් වුණා මට රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරද්දි. මම අධ්‍යාපනය ලැබුවේ කළුතර බාලිකා විද්‍යාලයේ. පාසලේ ඉතින් හැම කලා කටයුත්තකටම වගේ මම සම්බන්ධ වෙලා වැඩ කළා. කොටින්ම කිව්වොත් පාසලේ කලා අංශයේ කැපී පෙනුණ ශිෂ්‍යාවක් මම.
ගොඩක් අය ඔබගේ ඇස් දෙකට කැමතියි?
ඔව්, ගොඩක් අය කියනවා මගේ ඇස් දෙක ලස්සනයි කියලා. තව මට හිතෙනවා මගේ කොණ්ඩෙත් ලස්සනයි කියලා. මොකද, මගේ පෙනුම ගොඩක් වෙලාවට වැඩි කරන්නේ මගේ කොණ්ඩේ හා ඊට යොදන විලාසිතා නිසා. තවත් අය කියනවා මට ලස්සන හිනාවකුත් තියෙනවා කියලා.
සංවාදය : බුද්ධික සේනාධීර
ඡායාරූප : සජීව ලක්ෂාන්