මහේශා සඳමාලි ගායනා කරන අලුත්ම ගීතය 'මගේමදෝ' මේ දිනවල ඉතා මිහිරි ගීතයක් හැටියට ජනපෘය වී තිබෙනවා සේම ගීතයේ තනුව හිමි හින්දි ගීතය වන 'සවාර් ලූන්' ගීතය ගැනද මේ දිනවල කතාබහට ලක් වෙමින් තිබේ.
ඇතැමුන් හින්දි තනුවකට කළ ගායනය ගැන විවේචන කරනු මෙන්ම උපහාසාත්මකව දකිනු පෙනුණද මහේශා ගායනා කළ ගීතයද සැබැවින්ම මිහිරි ගීතයක් බව සත්‍යයයි.
'මගේමදෝ ගීතයේ' පද යසිත් දිලුශාන්, මදු ශංඛ විසින් සංගීතවත් කර ඇති අතර ගීතයේ රූප රචනාව සන්දේශ් බණ්ඩාර විසින් අධ්‍යක්ෂණය කරනු ලැබ ඇත.
මුල් ගීතය 2013දී තිරගත වුණ රන්වීර් සිං සහ සෝනාක්ෂි සිංහා රඟපෑමෙන් දායක වුණ 'ලූටේරා' චිත්‍රපටයේ ගීතයකි. මොනාලි ථාකූර් ගායනා කරන ගීතයේ පද අමිතාබ් භට්ටාචාර්යාගෙන් වන අතර සංගීතය අමිත් ත්රීවේදිගෙනි.