සමාජ හා සංස්කෘතික වටිනාකම්වලින් පොහොසත් විනයගරුක සමාජයක් ගොඩනැගීමට ජනමාධ්‍ය විශාල කාර්යභාරයක් ඉටු කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඇමතිවරයා මෙම අදහස් පළ කළේ පෙබරවාරි 06 වැනිදා කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවණාගාරයේදී පැවති “මාධ්‍ය මග” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.
දෙමළ භාෂාවෙන් කටයුතු කරන මාධ්‍යවේදියෙකු වන මාධ්‍යවේදී එම්. ඉන්ද්‍රජිත් විසින් දෙමළ භාෂාවෙන් මුද්‍රණය කරනු ලැබූ 'මාධ්‍ය මග' ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කිරීම ඇමතිවරයා අගය කළේය.
ශ්‍රී ලංකාව විවිධ ජාතීන් සිටින රටක් බැවින් භාෂා දෙකකින් ග්රන්ථ සම්පාදනය කිරීම වැදගත් බවද ඇමතිවරයා පැවසීය.