ට්‍රේසි ලෙට්ස් විසින් රචනා කරනු ලැබ අධ්‍යක්ෂණය කරන ලද August: Osage County ඇමරිකානු වේදිකා නාට්‍යය බිම්සරා ප්‍රේමරත්න විසින් අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කරනු ලැබ කොළඹදී වේදිකාගත කෙරේ.
පෙබරවාරි 22, 24 සහ 25 යන දිනවල සවස 07ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී නාට්‍යය වේදිකාගත කිරීමට කටයුතු යොදා ඇත.
August: Osage County ට්‍රේසි ලෙට්ස් අධ්‍යක්ෂණය කළ නාට්‍ය ජෝර්ජ් ක්ලූනි, ග්‍රාන්ට් හෙස්ලොව්, ජීන් ඩූමේනියන් සහ ස්ටීව් ට්රැක්ස්ලර් විසින් නිෂ්පාදනය කෙරිණි.
නාට්‍යය ඇසුරෙන් ජුලියා රොබර්ට්ස් රංගනයෙන් දායක වූ චිත්‍රපට නිෂ්පාදනයක්ද 2014දී සිදු කෙරිණි.
ජෝන් වේල්ස් විසින් අධ්‍යක්ෂණය කරන ලද එය එනමින්ම නිෂ්පාදනය කෙරිණි.
ප්‍රවේශපත්‍ර සඳහා 0772-838478 අමතන්න.