"මට දැන් මේක ඇතිවෙලා ආයුබෝවන්ඩ ...
කවදද මම මගේම සරුබිමක් දකින්නේ..? "
ඉහත සඳහන් වන්නේ ප්‍රවීණ නාට්‍ය නිර්මාණකරු පරාක්‍රම නිරිඇල්ලයන්ගේ සෙක්කුව නාට්‍යයේ දෙබසකි.
මිනිස් ශ්‍රම සූරාකෑම පිළිබඳව කලා රසිකත්වය වර්ධනය කරමින් වටිනා අවබෝධයක් ලබා දෙන නාට්‍යයක් වන සෙක්කුව නාට්‍යය 1976 සිට නොකඩවා වේදිකාගත වන නාට්‍ය අතරින් ප්‍රමුඛම නාට්‍යයක් වේ.
සෙක්කුව පෙබරවාරි 10 සෙනසුරාදා සවස 3.30ට සහ 6.30ට ගම්පහ සුමේධ විද්‍යාල ශ්‍රවණාගාරයේ සහ පෙබරවාරි 11 ඉරිදා සවස 3.30 සහ 6.30ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වීමට නියමිතය.
'සෙක්කුව' යළි ගමන් අරඹා ඇති අතර එහෙයින්ම ශ්‍රමයේ අසීමිත සූරාකෑම පිළිබඳව වේදිකාවක සජීවීව කෙරෙන නාට්‍යමය නිර්මාණය නැරඹීමේ අවස්ථාවද ප්‍රේක්ෂකයාට හිමි වනු ඇත.
විමසීම් 0773 129 749, 0117 201 299 අංකවලින් සහ 0714 125 992 වට්ස් ඇප් ඔස්සේ විමසිය හැකිය.