ලාංකීය දෙමළ කවිය සිංහල සමාජයට හඳුන්වාදීමෙි සුවිශේෂී කටයුත්තක් සිදු කළ නිලාර් එන් කාසිම් විසින් රචිත " පැහැසර අරුණක ඉර මල පිපුනාවේ" ගීතය (ගායනය-අසංග ප්‍රියමන්ත පීරිස්, සංගීතය-සමන්ත පෙරේරා) නිර්මාණය වීමේ පසුබිම සැපයෙනුයේ 1995 පෙබරවාරි 15,16,17 දිනවල "සාමය ප්රජාතන්ත්රවාදය සමග " යන මතවාදය සමග යාපනයට ගිය ගමනකදීය. මෙම ක්‍රියා දාමයේ මුුල් පෙලේ ක්‍රියා කාරිකයා වන්නේ එස්.මනෝරන්ජන්.ලංකාව පුරා සිදුකළ යුධ විරෝධී කථිකාවතේ අවසාන ඉලක්කය වන්නේ යාපනයට ගොස් LTTE සංවිධානයට බලපෑම් කිරීම.මෙම දූත කණ්ඩායමට නිලාර්,ජයතිලක බණ්ඩාර ,ජයම්පති බුලත්සිංහල( Jayampathi Bulathsinhala) ,මානෙල් රත්නායක,ජයදේව උයන්ගොඩ,පැට්රික් ප්‍රනාන්දු සහ මහමංකඩවල පියරතන හිමිඇතුළු සිවිල් ක්රියාකාරිකයන් මෙන්ම වාසුදේව නානායක්කාර,වයි.පි.ද.සිල්වා,භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර සහ බද්දේ ගම සමිත හිමිඇතුළු දේශපාලන ක්‍රියාධරයන් කණ්ඩායමක්ද ඇතුලත්වෙනව.මෙම කණ්ඩායමේ සිටි අය අතුරින් දෙමල බස දන්නා අය සිටියෙ දෙදෙනකු පමණයි.ඒ නිලාර් සහ බාලා.
යාපනයට යන කණ්ඩායම කුඩා කණ්ඩායම් කිහිපයකට වෙන්වුනාම ඒ කණ්ඩායමට මග පෙන්වන්න LTTE සාමාජිකයන් කිහිපදෙනකුට පවරනව.
නිලාර් ඉන්න කණ්ඩායම බාර ගන්නෙ අවු 17/18 ක තරමේ නව යොවුන් තරුණයෙක්.මෙම තරුණයා සමග අදහස් හුව මාරුවේ පරිවර්ථකයා වන්නේ නිලාර්.මෙම හමුවේදී ඇන්ටන් බාලසිංහම්,තමිල් චෙල්වම්,නඩේසන්,කරිකාලන්,බාලකුමාර් ඇතුළු ණ්ඩායමක් හමුවී සාකච්ඡා වට කිහිපයක් පවත්වනව.
මෙම කාලය තුළ නිලාර් මේ තරුණ සහෝදරය සමග දිගටම දෙමල බසින් කතා කරනව.
දින දෙකක් ඇවෑමෙන් කිලාලි කලපුව හරහා ගමන ආරම්භයේදී සමුගන්නා මොහොත එළඹෙනව.නිලාර් අර තරුණයට කියනව "මල්ලි අපි සාමය ඇතිවුනාම කොළඹදි හමුවෙමු "කියල.අර තරුණය කියනව" ඒක වෙන්නෙ නෑ අයිය,අපි ආපහු හමුවෙන එකක් නෑ " කියල.
නිලාර්ට පේනව මේ තරුණයගෙ ඇස්වල කඳුළු පිරෙනව.තමන් සමග යුද්ධ කරන දකුණ නියෝජනය කරන කණ්ඩායම සමුගන්න මොහොතේ අවි දරා සිටින උතුරේ තරුණයගේ දෑස් කඳුලින් බර වෙනව.
කිලාලි කලපුව හරහා ගමනෙදි නිලාර්ගෙ සිතට නැවත අර තරුණයගෙ මුහුණ පේන්න ගන්නව.මේ දුරස්තබව ගැන හිත හඬා වැටෙන්න ගන්නව. මේ මොහොතෙ හිතට එන අදහසක් නිලාර් සාක්කුවෙ රුවාගෙන හිටපු පුංචි පොතක සටහන් කර ගන්නව.
"සිත සිරකොට බැඳි
දඬු වැට බිඳුනාවේ
සිත සිත යා කර
සෙනෙහස හැමුවාවේ "
පසුව මෙම පද කිහිපය ගීතයක් බවට පත්වෙනව.
මේ ගීතය ගැන මහාචාර්ය සුචරිත ගම්ලත් මෙහෙම කියනව.
"මේ ගීතය පොදු මහත් ලෝ වැස්සන් තුළ සාමය සඳහා පවත්නා අභිලාෂය ඉතා රමණීය ලෙස පුකාශයට පත් කරයි "
"යුගාන්තයෙහි පායන සුර්යයා ද ඇවිලෙන ගින්න ද ගැන පොත පතෙහි සඳහන් වෙයි.එහෙත් 'යුගඳුර' යන්නක් නැත. යුද්ධයෙන් දස අත වෙළා පැතිර යන භෞතික අන්ධකාරයත් මිනිස් සිත් සතන් වෙළා පැතිර යන ශෝකාන්ධකාරයත් ධ්වනිත කිරීමට මෙය කෙතරම් ප්‍රබල ද?
'හිමිදිරියේ පැහැසර අරුණක යුද දුම සැනෙකින් නිවී ඉර මල පිපේවා' යන්න රමණීය සංකල්ප රූපයක් නොවේ ද?"
මෙම ගී පද වැල හරහාත් එලියට එන්නේ නිලාර් නමැති කවියා ගේ කවිකමයි.ඔහුගේ කවි කම දෙමළ කවිය අපවෙත රැගෙන ඒමේ දී එම මුල් කවියට හානියක් නොවී පැවතීමට බෙහෙවින්ම උදව් වී තිබේ.
මෙහි පහත දක්වා ඇත්තේ එම දූත ගමනේ මතකයන් කිහිපයක්.
මේ සබැඳිය හරහා ගීතයට සවන් දිය හැකියි.
දුලිත් අසංක දඩල්ලගේ කලකට පෙර තැබූ සටහනකි.