සල්මාන් ඛාන්, අක්ශේ කුමාර්, ප්රියංකා චොප්රා රඟපෑ 'මුජ්සේ ශාදි කරෝගේ' චිත්රපටයේ 'ජීනේ කී හේ චාර් දින්' ගීතය සල්මාන් ඛාන් නර්තනයෙන් දායක වූ ජනප්රිය ගීතයකි.
මෙම ගීතයට පසුගිය දිනක සල්මාන් ඛාන් සහ ඉන්දීය අගමැති මෝදි එක්ව නර්තනයේ යෙදෙන බව පෙන්වන වීඩියෝවක් සමාජ ජාලවල පළ කෙරිණි.
කෙසේ නමුත්, මෙම වීඩියෝවේ සැබවින්ම හිඳින්නේ අගමැති මෝදි හෝ සල්මාන් ඛාන් නොව ඒ හා සමාන පෙනුම ඇති වෙනත් පුද්ගලයින් දෙදෙනෙකු වන බව බොහෝ දෙනෙකු හඳුනාගෙන තිබේ.