එළඹෙන පෙබරවාරි 14 වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වැලන්ටයින් දිනය නිමිති කරගනිමින් 'රතුපාට මල්', මං ටොමී හිල්ෆිගර්, පංචාලි නාට්‍ය තුන වේදිකාගත කෙරේ.
නදුනි වනිගසේකර විසින් අධ්‍යක්ෂණය කරනු ලබන 'රතුපාට මල්' 2023 ජාතික යෞවන නාට්‍ය උලෙළේ කෙටි නාට්‍ය උලෙළේ, රංගන කුසලතා සම්මාන, හොඳම ආලෝකකරණය, හොඳම රංගවස්ත්‍ර නිර්මාණය, ජූරි කුසලතා සම්මාන ලැබූ නාට්‍යය එම උලෙළේම හොඳම නිළිය සඳහා නිර්දේශ විය.
බාස්කර් ක්‍රිශාන්ගේ 'පංචාලි' 50 වැනි රාජ්‍ය නාට්‍ය උලෙළේ කෙටි නාට්‍ය අංශයේ වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා සම්මාන දිනාගෙන තිබේ.
කසුන් වඩුමේස්ත්‍රිගේ 'මං ටොමී හිල්ෆිගර්' 2023 ජාතික යෞවන නාට්‍ය උලෙළේ කෙටි නාට්‍ය අංශයේ ජූරි කුසලතා සම්මානය දිනූ නාට්‍යයකි.
ප්‍රවේශපත් රුපියල් 400 වන අතර පාසල් සිසුන් සඳහා රුපියල් 300කි. නාට්‍යය සවස 3.30 සහ 6.30ට වේදිකාගත කෙරේ.