lan englan tam

පුවත්

යාපනයට ආ වෙලේ තමන්නා ෆොටෝ ගන්න එපා කියයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දකුණු ඉන්දීය ජනප්‍රිය නිළි තමන්නා භාටියා පසුගිය සතියේ 'හරිහරන් ලයිව් ඉන් කොන්සට් ඇන්ඩ් ස්ටාර් නයිට්' ප්‍රසංගය සඳහා සහභාගි වූ අතර ඇය ඒ සඳහා යාපනයට පැමිණි අවස්ථාවේ ඡායාරූප ගැනීම සඳහා ප්‍රතික්ෂේප කළාය.

කාර්යබහුල කාලසටහනක කටයුතුවල නිරත වී සිටින තමන්නා එහිදී සාමාන්‍ය ඇඳුමකින් ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර එහිදී කිසිදු රූපලාවන්‍ය ආලේපනයක් ඇය භාවිතා කර නොතිබූ බව පෙන්නෙනට තිබිණි.
එහෙයින් ඇය තමන්ගේ ඡායාරූප ගැනීම සුහදව ප්‍රතික්ෂේප කරමින් තමන් ලද මල් කළඹ ඉහළට ඔසවාගෙන ගොස් වාහනයට නැගී තිබිණි.
එසේ නමුත්, ඇය සිනහමුසුව රසිකයින් දෙස බලා පිටත් වූ බව යාපනය මාධ්‍යවේදීන් වාර්තා කර තිබිණි.

මාශි සේනානයක

Back to top
Go to bottom

Popular News