භාතිය සහ සන්තුෂ් ගායනා කරන 'ලබැඳි කොමළියා' ගීතය මේ වන විට යූටියුබ් අංක 03හි වැඩි දෙනෙකු නැරඹූ ගීතය බවට පත් වී තිබේ.
මීට දින 03කට පෙර නිකුත් කළ ගීතයේ වීඩියෝවටද බොහෝ සාධනීය ප්රතිචාර හිමි වෙමින් ඇත.
වසර 20කට අධික කාලයක් සංගීත ක්ෂේත්රයේ නියැලෙන භාතිය සහ සන්තුෂ් තවමත් තරුණ පරපුර මෙන්ම අනෙකුත් රසිකයින්ද වැඩියෙන් අසන ගීත නිර්මාණය කිරීම එක් අතකින් අගය කළ යුතු කාරණයක් වේ.