තමන් ගයන ගීතයේ වචනයකට බැණ වැදීමට පෙර මුළු ගීතයම අසන්නැයි ජනප්රිය ගායිකා යොහානි ජනතාවට ආරාධනා කරයි.
සිය 'කෙල්ල' ගීතයේ එක් වදනක් අසමින් ඇයට ඇතැමුන් බැණ වැදුණද එය තමන්ගේ ජීවිතය තුළ ශරීරය විසුළුවට ලක් වීමේ සිට බොහෝ අවස්ථාවල සියලු තරුණියන් මුහුණ දෙන අත්දැකීම් ඇසුරෙන් මුහුණ දුන් අත්දැකීම් ගීතයේ අන්තර්ගත වන බව යොහානි පැවසුවේ අද (11) ස්වාධීන රූපවාහිනියේ 'දීප්ති සමග පත්තරෙන් එහා' වැඩසටහනට සහභාගි වෙමිනි.