රොමේශ් සුගතපාල මේ වසරේ සිය සංගීත ජීවිතයේ 20 වැනි වසර සපුරයි. 'වසන්තයේ සිත සැළුණා' ගීතයෙන් රසික හදවත් දිනාගත් රොමේශ් සිය 20 වැනි සංගීතමය වසර සැමරීම වෙනුවෙන් 'රොමේශ්ට විස්සයි' නමින් ගී ප්රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එහිදී රොමේශ් තම ආදර කතාව පිළිබඳවද හෙළි කළේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ Best of 8 - SL Chart Show සඳහා සහභාගි වෙමින් රොමේශ් මේ බව පැවසීය.
චාමර වීරසිංහ විසින් ගායනා කරන ලද 'සිතින් විතරක්' ගීතය ඇසීමෙන් තමන් සිය 'නෙතු සැළුණා' ගීතය නිර්මාණය කළ බව රොමේශ් එහිදී පැවසූ අතර සිය බිරිඳ පෙම්වතියව සිටි කාලය සිහි කරමින් තමන් එම ගීට්තය නිර්මාණය කළ බව රොමේශ් ප්රකාශ කළේය.
'රොමේශ්ට විස්සයි' ප්රසංගය හාමනි ප්රඩක්ෂන් විසින් අනුග්රහය දක්වනු ලබන ප්රසංගය මාර්තු 02 වෝටර්ස් එජ් හෝටල් පරිශ්රයේදී පැවැත්වේ.