lan englan tam

පුවත්

'ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය' ඕස්ට්‍රේලියාවේ සාර්ථකව වේදිකාගත වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සචිත්‍ර රාහුබද්ධ අධ්‍යක්ෂණය කරන තිලක් අබේසිංහ නිෂ්පාදන දායකත්වය සපයන "ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය" වේදිකා නාට්‍යය ඕස්ට්‍රේලියාවේදී පෙබරවාරි 10 වැනිදා සාර්ථකව වේදිකාගත කෙරිණි. 

චාන්දනී සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, නිල්මිණි සිගේරා, සමාධි ලක්සිරි, අමා විජේසේකර, සුජානි මේනකා, උමා අසේනි, තුශී සමරසේකර, රන්දි කළුආරච්චිගේ රංගනයෙන් දායක වන නාට්‍යය වේදිකාගත වූයේ ඕස්ට්‍රේලියාවේ බර්වුඩ් හි බෙසන් මධ්‍යස්ථානයේදීය. 
 
වේදිකා නාට්‍ය රසාස්වාදය ප්‍රිය කරන ප්‍රේක්ෂකයෝ බොහොමයක් ඒ සඳහා සහභාගි වූහ.
 
රංගාලෝකකරණය - රංග සමරකෝන්
වේශ නිරූපණය - රන්දික ටිශාන්
සංගීතය - ලහිරු මාදිවෙල
ඇදුම් නිර්මාණය - අමා විජේසේකර
ඡායාරූප - ප්‍රෞඩ බුවනෙක
වේදිකා පරිපාලනය - ප්‍රභාත් බස්නායක,රවීන්ද්‍ර තාරක, පංචලී ඉලිම්බවිදානගේ, තරිදු ලක්ශාන් , අවිශ්ක දිල්ශාන්
රංග වින්‍යාස සැලසුම් සහය - හසිත් වෙත්තසිංහ
පසුතල/රංගවින්‍යාසය/ පිටපත - සචිත්‍ර රාහුබද්ධ යනාදිින්ගෙනි.
Back to top
Go to bottom

Popular News