ජනප්‍රිය චිත්‍රපට වන භූල් බුලයියා සහ භූල් බුලයියා 2න් පසුව එහි තුන්වන චිත්‍රපටය නිර්මාණය කිරීමට නිෂ්පාදකවරුන් කටයුතු කර තිබෙන අතර එහිදී පළමු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ විද්‍යා බාලන් සහ දෙවැනි චිත්‍රපටයේ රඟපෑ කාර්තික් ආර්යන් තුන්වැනි චිත්‍රප්ටය සමග එක් වන බව මේ වන විට තහවුරු කර අවසන්ය.
මෙම තහවුරු කිරීමෙන් අනතුරුව තුන්වැනි චිත්‍රපටය සමග මාධුරි ඩික්සිත්ද සම්බන්ධ වනු ඇති බවට ඉඟි පළ වී තිබේ.
නිෂ්පාදකයින් හෝ මාධුරී විසින් මෙම ආරංචිය මේ දක්වා තහවුරු කරනු ලැබ නොමැති නමුත්, මධුරි ඩික්සිත් භූතාත්මය හැටියට පෙනී සිටිනු ඇති බව පැවසේ. පළමු චිත්‍රපටයේ රඟපෑ ආක්ෂේ කුමාර් මෙවර සම්බන්ධ නොවන බව පැවසුවද කාර්තික් සහ විද්‍යාගේ ආගමනය චිත්‍රපටය ගැන බෙහෙවින් බලාපොරොත්තු තැබීමට දැනටත් සමත්ව තිබේ.
ඒ අතරතුර මාධුරී මෙයට සම්බන්ධ වීම ප්‍රේක්ෂක බලාපොරොත්තු තවත් වැඩි කිරීමට හේතු වී ඇත. ප්‍රධාන තරුණ නිළියගේ චරිතයට සාරා ආලි ඛාන් යොදාගැනීමට සාකච්ඡා පැවැත්වෙන බවද පැවසේ.