දිනිති වල්ගමගේ වරින් වර විවිධ මාතෘකා ඔස්සේ සමාජයේ අවධානය දිනාගන්නා කලා ශිල්පිනියක් මෙන්ම ඇගේ රඟපෑම් සම්බන්ධයෙන් ප්‍රශංසාවට ලක් වන නිළියකද වන්නීය.
ඇගේ ඉරියව්, කතාබහ විවේචනය කරන ඇතැම් පාර්ශ්ව කිසිවක් දිනිතිගේ රඟපෑම් විවේචනය කිරීමට පසුබට වන්නේ සැබවින්ම රංගනය කෙරෙහි ඇය දක්වන කුසලතාව හේතුවෙනියි කිව හැකිය.
දිනිති රඟපෑ 'සුසුම් රස්තියාදුව' ටෙලිනාට්‍යය කොටස් සියයකින් අවසන් වන බවත් ඒ පිළිබඳව තමන්ගේ තෘප්තිය පිළිබඳවත් දිනිති සිය සමාජජාලවල පළ කර තිබුණි.
"අපේ රස්තියාදුව...
මීට අවුරුදු 4කට කලින් පැය 9 ක flight එකක් කරලා සීතලේ සැපට කන පැලෙන්න නිදියගෙන ඉන්න වෙලාවක ශිවා අයියාගෙන් call එකක් ආවා( ජය ප්‍රකාශ් සිවගුරුනාදන්, මේ ලෝකේ කොහේ හිටියත් answer කරන calls වලින් එකක් තමයි ඒ)
"දිනිති, ප්‍රියන්ත fernando number එක ඉල්ලුවා. එයා call කරයි."
ප්‍රියන්ත fernando කිවුවේ අයියේ අර..
ඔව් ඔව් ඉලන්දාරි හැන්දෑව කරේ.
හප්පා..
ඔන්න දිනිතිට දෙලොව අමතක උනා, දැන් ඉතින් ඒ call එක එනකන් නින්ද යන්නෙත් නෑ.
විනාඩි 10ක් ගියේ නෑ ඔන්න call එක නම් ආවා
නංගී මම ප්‍රියන්ත,
අලුත් drama එකට කතා කරේ. ටිකක් අමාරු character එකක්. ටිකක් බැනුම් අහන්නත් වෙයි. කොටස් 100යි. "වැඩක්" කරන්න කැමති නම් කරමු. මොකද කියන්නේ?
(වැඩේ පොඩ්ඩක් අල උනා වගේ තේරුනා)
බැනුම් අහන්න වෙයි කිව්වේ අයියා??
("පාරේ බැහැලා යන්න බැරි ඒවා කරලා වරෙන්කෝ ගෙදර" මාගේ මෑණියන්ගේ ඒ සුන්දර වාග්කෝෂය එසැනින් මට සිහි විය)
ඒක නංගි මෙහෙමයි...
ඔන්න ප්‍රියන්ත අයියා මුලු drama එකම මුල සිට සරලව පැහැදිලි කරා.
(යකෝ කොටස් 100ක drama එකක් මුල මැද අග ඔක්කොම ලියලත් ඉවර කරලනේ.)
ඔන්න ඔය වෙලාවේ තමයි මම මුලින්ම "ගිම්හානි" ගැන ඇහුවේ.
ඒ character එකට මොකක්දෝ අමුතු කෑදර කමක් මට ආවා. අම්මා නම් කොහොම හරි ශේප් කර ගත්තා කියමුකෝ මට අනික් පැත්තෙන් හැප්පෙන්න තිබුනේ චාන්දනී අක්කයි විශ්වජිත් අයියායි සුරාජ් අයියායි එක්ක. මහා පතාක යෝධ රෑස්ස ගස් අස්සේ මම නිකන් දලු ලන්න දඟලන චූටි පැලයක්.
අයියා හිතන්නේ මට මේක කරගන්න පුලුවන් වෙයිද??
නැත්තම් මම කතා කරන්නේ නෑ.
මට මතක එච්චරයි..
එක හුස්මට කියවලා ඉවර කරපු සුසුම් රස්තියාදුව ඉවර කරන්න අපිට අවුරුදු 4ක් ගියා. අපිට අමාරුම වැඩේ උනේ continuity තියාගන්න එක. මේ අවුරුදු 4ට මම 4 පාරක් විතර මහත් උනා. මගේ ඇඳුම් ඇඳ ගන්න බැරුව අලුතෙන් ඇඳුම් මහන්නත් උනා. Art එකේ චාමර ඇතුලු කොල්ලෝ ටික බැහැලම වැඩේට sup එක දුන්නා ඉතින්.
රූගත කිරීම් අතරතුර අපේ DOP විමර්ශන අයියා අපෙන් සදහටම ඈත් උනා. ඒ අඩුව පුරවන්න නිරෝශන් අයියා අපිත් එක්ක එකතු උනා.
Shot එකෙන් shot එකට මගේ රූපේ පාට කරපු දිනේශ් අයියා ඇතුලු makeup team එක( team එකක් කිවුවට දෙන්නයි හිටියේ)
ඉල්ලන ඉල්ලන වෙලාවට tea coffee හදලා දෙන, කියන්නත් කලින් hot water ගෙනත් දෙන දයා uncle,
ඕන දේකට මේ එනෝ අක්කේ එන ගමන් ඉන්නේ කියන මහේශ්, මේ හැමෝම නිසා අපිට shooting එන එක මාර ආතල් එකක් උනා.
කන්න එපා යකෝ screen එකෙන් එකයි කියලා අනන්ත අහගෙන ඇති.
ඒ හැම දේම අස්සේ අපි පවුලක් වගේ එකට හිටියා. හැම දුකක් සතුටක්ම බෙදා ගත්තා.
හොඳ කියනකොට උඩ නොයන්නත් නරක කියනකොට බිම නොවැටෙන්නත් හුරු උනා.
චාන්දනී අක්කී, හන්සමාලා අක්කි, අනුරාදා, රුක්ශානා, චතූ, හර්ශ අයියා, වත්සලා, කමල් අයියා, පවිත්‍රා අක්කී මේ හැම කෙනෙක්ම දිනිතිට ගිම්හානි වෙන්න උදව් උනා.
විශ්ව අයියා, සුරාජ් අයියා ගිම්හානිට පණ දුන්නා..
අරුණ අයියාත් කතාව ලෙසටම ලියලා තියෙනවා.
මුලු ලෝකයක් බනිද්දි ගල් වරුසා වැටෙදිදී ප්‍රියන්ත අයියා කිවුවේ එක දෙයයි මිනිස්සුන්ට ඕන විදියට වෙනස් උනොත් උඹත් උන් වගේ වෙයි...
අද ගිම්හානිට හොඳ කියන අය ඊයේ බනින්න ඇති. අපේ ජීවිතත් ඒ වගේ. හැමෝටම තියෙනවා කතන්දරයක්. අපි අනික් කෙනාගේ කතාව දන්නේ නැතුව ඉක්මනින් අනික් අයව judge කරනවා. වෙලාව ආවම හැම දේටම උත්තර ලැබෙයි.. එතකන් අපි හැමෝම රස්තියාදුවේ...
සුසුම් රස්තියාදුවත් එක්ක එකතු උන හැමෝටම ස්තූතියි.. ජය 🙏
දිණිති වල්ගමගේ"