වැලන්ටයින් සාන්තුවරයාගේ මංගල්‍යය දිනය හෙවත් ආදරවන්තයින්ගේ දිනය පෙබරවාරි 14 වැනිදා සමාජයේ විවිධ සංස්ථාවල විවිධාකාරයෙන් සැමරෙනු දක්නට ලැබිණි.
ආදරය යනු ඕනාම අයකුට, ඕනාම මොහොතක දැක්විය හැකි සිතුවිල්ලක් වන බව බයිබලයේ කියවීමයි. 'ඔබේ සතුරාට ප්‍රේම කරන්න'යි ජේසුස් වහන්සේගේ වාක්‍ය ආදරය සම්බන්ධයෙන් බයිබල් ඉගැන්වීම්වල තහවුරු කරන්නේ එහෙයිනි.
එවැනි බයිබලයේ කරුණු සහ ඉන්ගැන්වීම් අනුගමනය කරන කතෝලික සභාවේ පියවරුන් කිහිප දෙනෙකු එක්ව නීලා වික්‍රමසිංහ ගායිකාවගේ 'වියෝ ගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ' ගීතය ගායනා කර තිබුණේ ආදරය සම්බන්ධයෙන් තනිවීමක් දැනෙන පිරිස් වෙනුවෙනි.
මෙම ගීත ගායනා ඇතුළත් කළණ පීරිස් පියතුමන් විසින් මෙහෙයවනු ලැබූ "Valentine with JESUS" ගීතමය වැඩසටහන ඒ අනුව පසුගිය පෙබරවාරි 13 වැනිදා බෝලවලාන BCI විශ්ව විද්‍යාලයේදී සවස 6.30 සිට පැවැත්විණි.