සිය නාට්‍යය වේදිකාගත වන මොහොතේ එහි අධ්යක්ෂවරයා වන ප්‍රවීණ වේදිකා, ටෙලි නාට්‍ය අධ්යක්ෂ පරාක්‍රම නිරිඇල්ලයන් වේදිකාව පසුපස වාඩි වී පොත් කියවන ඡායාරූප කිහිපයක් පසුගිය දිනක පළ වී තිබිණි.
නිරිඇල්ලයන් මෙසේ පොත් කියවමින් සිටින ඡායාරූප දක්නට ලැබුණේ පසුගියදා වේදිකාගත වුණ 'සෙක්කුව' වේදිකා නාට්‍යය වේදිකාගත වූ අවස්ථාවකදීය.
මිනිස් ශ්‍රම සූරාකෑම පිළිබඳව කලා රසිකත්වය වර්ධනය කරමින් වටිනා අවබෝධයක් ලබා දෙන නාට්‍යයක් වන සෙක්කුව නාට්‍යය 1976 සිට නොකඩවා වේදිකාගත වන නාට්‍ය අතරින් ප්‍රමුඛම නාට්‍යයක් වේ.
සෙක්කුව පෙබරවාරි 10 සෙනසුරාදා සවස 3.30ට සහ 6.30ට ගම්පහ සුමේධ විද්‍යාල ශ්‍රවණාගාරයේ සහ පෙබරවාරි 11 ඉරිදා සවස 3.30 සහ 6.30ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී අවසානයටම වේදිකාගත විය.
මෙම ඡායාරූප ඉරිදා දිනයේ පළ වූ ඒවා වන අතර අධ්යක්ෂවරයකුට මෙසේ පොත් බලමින් සිටීමට තරම් විශ්වාසනීය කාණ්ඩයක් ඔහුට සිටින බවටද මෙම ඡායාරූප සාක්ෂි සපයයි.
ඡායාරූප: මොහොමඩ් සෆීර්