lan englan tam

පුවත්

උඩරට බෙර පදයට ගයන යොහානිගේ 'නුඹ ළඟ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'මැණිකේ මගේ හිතේ' ගයා ලෝකයක් පිනවූ යොහානි ඉන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේ පසුගිය කාලයේ නිකුත් කළ ඇගේ 'කෙල්ල' ගීතයෙනි. 

ඉන් අනතුරුව මීට දින කිහිපයකට පෙර යොහානි තම අලුත්ම නිර්මාණය නිකුත් කර තිබෙන්නේ 'නුඹ ළඟ' නමිනි.
 
මෙහි ඇති විශේෂත්වය වන්නේ උඩරට බෙර පද තාලයට උඩරට ජන ගායනා තනුවකට මෙම ගීතය යොහානි විසින් නිර්මාණය කරනු ලැබ තිබීමයි.
 
'නුඹ ළඟ' සංගීත වීඩියෝවට මේ වන විට සාධනීය ප්‍රතිචාර හිමි වෙමින් තිබෙනු දක්නට ලැබෙන අතර ගීතයේ රූප රචනාව සමග පද මාලාවද මේ සමග පළ කෙරේ.
 
ගීතයේ පද ආසිරි පෙරේරාගෙන් වන අතර සංගීත නිර්මාණය පසන් ලියනගේගෙනි.
 
නුඹ ලඟ වියැකුනු ඒ මගෙ හැගුමන්
මත් කරවන දෙනෙතග රැදුනා ඒ සුන්දර හද කැල්මන්
විසුරුණු මල්පෙති නොවෙ යළි එක්වන්
රුදු රකුසෙකු වු නුඹෙ සිතෙ වුනිදෝ මා ගැන බැදි ඇල්මක්
 
දුටු මුල්දින නුඹ හට බැඳි හිත
මාරක අපලය වී අද මට…
දැල්වූ පන්දම් සිළු මැද මම
දැවුණා නුඹේ රාගී ගින්න මැද
දැවෙනා සිතිනා
බැදෙනා විලෙසා
නුඹ හා ගෙවෙනා
කාලය මට යලි නොඑනා
 
නුඹ ලඟ වියැකුනු ඒ මගෙ හැගුමන්
මත් කරවන දෙනෙතග රැදුනා ඒ සුන්දර හද කැල්මන්
විසුරුණු මල්පෙති නොවෙ යළි එක්වන්
රුදු රකුසෙකු වු නුඹෙ සිතෙ වුනිදෝ මා ගැන බැදි ඇල්මක්
 
තොල්පෙති සිඹ ඉලිපුණු ලැම අග..
නතර වුණා..පපුවේ මැද්දක…
ආදරේ නැති කාමයේ පලසක…
මිලින කලා..හත්පෙති මල අද…
 
හැඟෙනා...පෙමිනා..
බැඳෙනා..නොයෙනා..
නුඹ හා...ගෙවෙනා…
කාලය මට යලි නොඑනා
 
රූ මැද බැඳී හිතක්
මත් කරවන දෙනෙතග
රූ මැද බැඳී හිතක්
විසිරුණු මල්
රූ මැද බැඳී හිතක්
රුදු රකුසෙකු වු....
 
නුඹ ලඟ වියැකුනු

kemadasa

shungara

Back to top
Go to bottom