lan englan tam

පුවත්

සිංහල යැයි භාෂාවක් ඇති බව සසන්ති ලෝකෙටම කියයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සසන්ති ජයසේකර යනු ශ්‍රී ලංකාවට සිටි දක්ෂ, චරිතාංග නිළියක් වුවත් ඇය මේ වන විට පදිංචිව සිටින්නේ එක්සත් රාජධානියේය. 

ඇය ගැන ඇති අවධානය පසුගියදා දකින්නට ලැබුණ අවස්ථාවක් හැටියට සසන්ති සහභාගි වූ NDL Guess the Language වැඩසටහනේ Asia Edition වටය හැඳින්විය හැකිය. 
 
NDL Guess the Language වැඩසටහනේ සිදු වන්නේ ලොව කතා කරන සහ භාවිතයේ පවතින භාෂා මොනවාද යන්න විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ එම භාෂාව කතා කිරීමෙන් තහවුරු කිරීම වන අතර සසන්ති ජයසේකර මෙම වැඩසටහනට සහභාගි වෙමින් සිංහල භාෂාව ගැන විනිශ්චය මණ්ඩලයට ඉඟි ලබා දුන්නාය.
 
මණ්ඩලයේ සිටි ඇතැමෙකු ඇය බෙංගාලි කාන්තාවක් වනු ඇතැයි යන්නත්, ඇයගේ භාෂාව ඉන්දීය භාෂාවක් වනු ඇතැයි යන්න කීවත් අවසානයේ ඇය කතා කළේ සිංහල භාෂාව වන අතර එය භාවිත වන්නේ ශ්‍රී ලංකාවේ පමණක් වන බව තහවුරු කෙරිණි. 
 
සසන්ති කතා කළේ සිංහල භාෂාව බව සසන්ති කියන තුරු මණ්ඩලයේ සිටි කිසිවෙකු සිංහල භාෂාව ගැන අවබෝධයක් නොමැති වීම විශේෂ සිදුවීමක් විය.
Back to top
Go to bottom

Popular News