සිඳු ටෙලි නාට්‍යයේ සෝරත පොඩි හාමුදුරුවන් ලෙස රඟපෑ ළමා නළු කවීෂ් සැබෑවටම ශාසන ජීවිතයට පිළියන්දල සමිද්ධිරතන පොඩි හාමුදුරුවන් නමින් ශාසන ජීවිතයට අවතීර්ණ වී තිබේ.
පිළියන්දල සමිද්ධිරතන පොඩි හාමුදුරුවෝ මාතලේ මාවතුපොල පෙතිගෙපිටිය රජමහා විහාරස්ථානයේදී අද (19) උදෑසන ශාසනගත වූහ.
වසර පහක් පුරාවට සෝරත හිමි චරිතය රඟපෑමෙන් අනතුරුව මීට කෙටි කලකට පෙර උන්වහන්සේගේ සොහොයුරාද ශාසනගත වූහ.
සරණ පසුපස දිව ගිය සෝරත හාමුදුරුවන් එහෙයින් මින් ඉදිරියට පොඩි හාමුදුරවෝ යනුවෙන් රසිකයින්ට ඇමතිය හැකි වනු ඇත.