ලෝක ප්‍රකට ඕස්ට්‍රේලියානු කතා මාලාවක් වන Spellbinder හෙවත් මායා බන්ධන දෙවැනි කොටසේ රංගනයෙන් දායක වූ නිළි ජෝර්ජිනා ෆිශර් පසුගිය සතියේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර ඇය පසුගිය සඳුදා (19) ජාතික රූපවාහිනියේ 'නුගසෙවණ' වැඩසටහනට සහභාගි වූවාය.
ශ්‍රී ලංකාවේ රසික ප්‍රජාව ගැන මෙන්ම ශ්‍රී ලාංකිකයින් බහුතරයක් තමන් රඟපෑ කතා මාලාවේ රසිකයින් වීම ගැන තමන් පුදුමයට පත් වූ බව ජෝජිනා එහිදී ප්‍රකාශ කළ අතර එහිදී ඇය පෙනී සිටි ඡායාරූප පෙළක් මේ වන විට රසික අවධානය ගනිමින් තිබේ.