නිතේශ් තිවාරි විසින් අධ්‍යක්ෂණය කරන ලද 2016 වර්ෂයේදී සත්‍ය චරිත කතාවක් ඇසුරින් නිර්මාණය කෙරුණු 'දන්ගල්' චිත්‍රප්ටයේ ප්‍රධාන චරිතයක් වන 'බබිතා' ලෙස රංගනයෙන් දායක වූ තරුණ නිළි සුහානි භට්නාගර් හදිසියේ සිය ජීවිතයෙන් සමුගත් බව පසුගියදා ඉන්දීය මාධ්‍ය වාර්තා කළ අතර ඇයගේ අවසන් කටයුතු දර්ශන ඉන්දියාවේ ජනප්‍රිය එන්ඩීටීවී නාලිකාව ඔස්සේ විකාශය කෙරිණි.
ආමීර් ඛාන්ගේ චිත්‍රපට නිෂ්පාදන සමාගම නිකුත් කළ ශෝක පණිවුඩයක් අනුව සුහානිගේ මරණය පිළිබඳව වාර්තා වූ අතර ඇය මිය ගියේ ඉතා දුර්ලභ ඩර්මටෝමයොසිටීස් නම් සමෙහි වන ආසාත්මිකතාභාවයකින් බව එන්ඩීටීවී වාර්තා කළේය.
හින්දි සිනමාවේ ජනප්‍රිය නළු ආමීර් ඛාන්ගේ නිෂ්පාදනයක් වූ දන්ගල් චිත්‍රපටය ඉන්දීය සිනමා ඉතිහාසයේ සලකුණක් වූයේ ඉන්දීය මල්ලවපොර ශූරියන් නිර්මාණය කිරීමේ අව්‍යාජ මල්ලවපොර ගුරුවරයෙකු වන මහාවීර් සිංගේ චරිත කතාව ඇසුරින් චිත්‍රපටය නිර්මාණය කිරීම හේතුවෙනි.
මල්ලවපොර ලෝක ලෝක ශූරියක වන බබිතා ලෙස මිය ගිය සුහානි චිත්‍රපටයේ රඟපෑ අතර ඇගේ චරිතයට බෙහෙවින් ප්‍රශංසා හිමි විය.
ආමීර් ඛාන්ගේ චිත්‍රපට නිෂ්පාදන සමාගම විසින් සුහානිගේ වියෝව ගැන සඳහන් කරමින් ශෝකය ප්‍රකාශ කළ අතර සුහානිගේ මරණයට හේතුව ශෝක පුවතේ සඳහන් කර නොතිබිණි.
ජනමාධ්‍යවේදය උගත් සුහානි නිළියක ලෙස ස්ථාවර වීම අපේක්ෂා කළ සුහානි මිය යන විට 19 වැනි වියේ පසුවූවාය. ඉන්දියාවේ ජනප්‍රිය නිළි සමන්තා රූත් ප්‍රභූද මෙම රෝගයට ප්‍රතිකාර ගන්නා තවත් එක් නිළියකි.