අසහාය අභාවප්‍රාප්ත කලාකරු සුමින්ද සිරිසේනගේ වියෝවීම පිළිබඳව කෙරෙන තෙමස් පූර්ණ සිහිපත් කිරීම මාර්තු මස 03 වැනිදාට යෙදී ඇත.
එම සිහිපත් කිරීම ගම්පහ ශ්‍රී බෝධි පාරේ පිහිටි කලාකරුවාගේ නිවසේදී සිදු කෙරෙන බව ඔහුගේ පුත් නන්දිත සිරිසේන සිය ෆේස්බුක් ගිණුමෙන් දැනුම් දී ඇති අතර ඒ සඳහා හිතවතුන්ට ආරාධනා කර තිබේ.
සුමින්ද සිරිසේන අප පියාණන් ගේ අභාවයෙන් තෙමස් පූර්ණය නිමිත්තෙන් සිදු කෙරෙන ධර්ම දේශනයට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.
ධර්ම දේශකයාණන් වහන්සේ, අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයේ ගරු අනුශාසක, අපගේ කළ්‍යාණ මිත්‍ර, පූජනීය වේරපිටියේ දේවානන්ද තෙරුන් වහන්සේ වන සේක.
ධර්ම දේශනාව මාර්තු මස 3වන දා (ඉරිදා) පස්වරු 7ට, ගම්පහ ශ්‍රී බෝධි පාරේ අප නිවසේ දී පැවැත්වේ.
පින්වත් ඔබගේ පැමිණීම, 0767212178 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයකින් හෝ WhatsApp මගින් හෝ දැනුම් දීම, අපගේ සංවිධාන කටයුතු වඩාත් පහසු කරනු ඇත.