'මතක පද' යනු ගැමුණු වන්නිනායක විසින් මෙහෙයවනු ලබන ඉහළම රසවින්දනයක් සහිතව අඛණ්ඩව පවත්වාගෙන යන ගුණාත්මක යූටියුබ් වැඩසටහන් සංවාද මාලාවකි.
මෙවර ඔහුගේ සංවාදයට එක් වූයේ ප්‍රවීණ අංග රචනා ශිල්පී සහ රංගන ශිල්පී වසන්ත විට්ටච්චිය.
වේෂ නිරූපණයේ ඇති ගැඹුරුකම සහ එම විෂය පිළිබඳව ඇති සිය දැනුම 'මතක පද' සංවාදයේදී ප්‍රකාශ කළ වසන්ත විට්ටච්චි එහිදී සිය ජීවිතයේ රසවත් කතාවක් හැටියට සිහිපත් කළේ රංගන ශිල්පී ජයලාල් රෝහණ විසින් තරුණ සේවා සභාවේ සිටින වකවානුවේ ලංකාවේ ජනප්‍රිය නාට්‍ය සහ නවකතාකරුවෙකු වූ සුගතපාල ද සිල්වා සමග ඇති වූ සංවාදයක් පිළිබඳවය.
එහිදී 90 දශකය මුල් භාගයේදී ජයලාල් රෝහණ ගොස් සුගතපාල ද සිල්වාගෙන් සර්, E Book ව්‍යාප්තිය හේතුවෙන් පොත් ලියා පළක් නැති වේවි නේදැයි ඇසූ පැනයට පොතක බොහෝ අංග කෙරෙහි පාඨකයා ආදරය කරන බවත් එහිදී ඔය මොන දේ වුවත් විදුලිය ඇන හිටි සැණින් E Book බැලීම නැවතුනද පොත් කියවීමට එය බලනොපාන බවත් සුගතපාල ද සිල්වා පැවසූ බව වසන්ත විට්ටච්චි පැවසීය.
සිය ජීවිතයේ තවත් රසවත් සිදුවීම් සහ වටිනා අදහස් ගණනාවක්ද ඔහු එහිදී ගැමුණු වන්නිනායක සමග සාකච්ඡාවට ලක් කළේය.