ධනවත් ව්යාපාරික ශාසාදා ඩාවුඩ්, ඔහුගේ පුත් සුලේමාන් ඩාවුඩ්, ස්ටොක්ටන් රශ්, හමිෂ් හාඩින් සහ පෝල් හෙන්රි යන පස්දෙනා පසුගිය වසරේ මුහුදු පතුලේ සංචාරයක් උදෙසා ගමන්ගෙන අතුරුදහන් වීමට හේතු වූ ඕශන් ගේට් සබ්මර්සිබලයේ මුහුදු පතුල චාරිකාව වාර්තා චිත්රපටයක් හැටියට එළඹෙන මාර්තු 06 සහ 07 දෙදිනවල විකාශය කිරීමට නියමිතය.
එක්සත් රාජධානියේ චැනල් 5 ඔස්සේ රාත්රී 09ට විකාශය වීමට නියමිත චිත්රපටය ටයිටැනික් නෞකාවේ සුන්බුන් සොයා ගිය ගමනේදී සිදු වූ අනතුරක් හේතුවෙන් අතුරුදහවීමට හේතු වූ බව අනුමාන කෙරේ.
ලෝක ප්රකට කිමිදුම්කරුවෙකු වන පෝල් හෙන් රි මෙවැනි ගමනකට මීට පෙර සහභාගි වී තිබූ බව පැවසේ.
ලෝකයේ අසන්නට ලැබුණු ඉතාම ඛේදජනක පුවත්වලින් එකක් ලෙස ලෝක අවධානය දිනාගත් ටයිටන් සබ්මර්සිබලයේ ගමනාන්තය කෙසේ වුණිද යන අදහසක් චිත්රපටයෙන් නැරඹිය හැකි වනු ඇතැයි අනුමාන කෙරෙන අතර එහි අවසන් හඬපටද මෙයට ඇතුළත් බව පැවසේ.
මෙම අතුරුදහන් වීම සිදු වූයේ පසුගිය වසරේ ජුනි 18 වැනිදාය.