ITN Sri Lanka යූටියුබ් පිටුවේ බිඳ වැටීම යථා තත්ත්වයට පත් වී ඇති බව එම ආයතනය පවසයි.
ස්වාධීන රූපවාහිනියේ ITN Sri Lanka යූටියුබ් නාලිකාවේ සම්බන්ධතාවය පෙරේදා (05) රාත්රියේ බිඳ වැටී තිබූ අතර ඒ හේතුවෙන් ඒ ඔස්සේ නැරඹූ වැඩසටහන් ITN Plus චැනලය ඔස්සේ නරඹන ලෙසත් එම ආයතනය එදින දැනුම් දී තිබිණි.