විපුල සුමනසේකර කාලයක් එක දිගට රුපවාහිනි ආයතනවල ඇති බොරු ප්රතිපත්ති, නිර්මාණකරුවන් අගතියට පත්කිරීම්, නිර්මාණ මිලදී ගැනීමේදී ගෙවන අඩු ගෙවීම් ආදිය පිළිබඳව වසර ගණනාවක් අරගල කළා. ඒ කළු කුහර පිරි අවස්ථාවාදී නිලධාරීන්ගේ ක්රියා පටිපාටිය හෙළා දුටුවා.
ඔහු විසින් තිර රචනා කරනු ලැබ අධ්යක්ෂණය කළ නත්තල් ඒකාංගික ටෙලි නාට්යක් විකාශය කරවා ගැනීමට ඔහු අවුරුදු ගාණක් ෆයිට් කළා.
විපුල අයියා කාලයක් තිස්සේ මුහුණු පොතේ ඉන්නවා. හිටපු ගමන් අතුරුදහන් වෙනවා.
ඉන්ද්රනාථ තේනුවර අයියා විපුලයියගේ පින්තුරයක් දාලා සටහනක් ලියලා තිබුණා. ඒ ඔහුගේ නික්මයාම ගැන.
හිතුවක්කාරයෙකු වූ විපුල අයියාට එවැන්නක් සිදු වී ඇතැයි නොසිතුවත් ඔහු නික්ම ගිහිං...
අයියෝ... කියලා කියවුණේ නිතැතින්මයි.
මුහුණු පොතෙන් හෝ ඔහුව මට මග ඇරිලා.
එයා රිය අනතුරක් සිදුවී සිටින බව හෝ දැනගත්තේ ඉන්ද්ර අයියගේ සටහනෙන්.
විවිධ හේතු එක්ක ගෙවන දුෂ්කර ජිවිතේ... හුගක් අය මග ඇරෙනවා.
විපුල අයියා මගඇරුණා.
ඉතිං ඒ සටන්කාමී, හිතුවක්කාර සහෝදර මිත්රයාට සුව නින්දක් ප්රාර්ථනා කරනවා!
විපුල අයියේ සුබ ගමන්!
මග ඇරෙන මිත්රවරුනි, සමාවෙන්න...
මේ ගෙවමින් සිටින දුෂ්කර කාලයේ... ඒ වියැළී යන සබඳකම් පිළිබඳ කණගාටු වෙමි.
අපි එකිනෙකා වෙන්ව සුව නින්දක සැතපෙනු ඇත... අපි එකිනෙකා යළි මුණ නොගැසෙනු ඇත...
🙏🙏🙏❤️
මනෝහාරි හේවාවසම් මිරර් ආට්ස් උපදේශක