lan englan tam

පුවත්

එක් ප්‍රවේශපත්‍රයකින් නාට්‍ය හතරක් නරඹන්න: චික්ත්සන 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ස්කයි ප්ලට්ෆෝම් විසින් පවත්වනු ලබන චිකිත්සන නාට්‍ය දැක්ම

එළඹෙන අප්‍රේල් 05 වැනිදා සවස 2.30 සහ 6.30ට තංගල්ල නගර ශාලාවේදී පැවැත්වේ. 

නාට්‍ය හා රංගකලා අධ්‍යාපනවේදී ගෞරව උපාධිය හදාරන වේදිකා නාට්‍ය රංගන ශිල්පී, නාට්‍ය රචක සහ අධ්‍යක්ෂක සුරාජ් ලසන්ත හේවගේ ගේ "Two Kingdom" නාට්‍යය යනු සිහින තුළ ජීවත් වීමත් ඒ තුළින් අනාගතය සිහිනයක්ම පමණක් වෙන ගෙඹි පුතෙකුගේ ඉරණමකුත්, ගෙඹි තාත්තෙකුගේ ආශාවන්, අභිලාෂයන් සෝදාපාලුවට යන ඉරණමක් ලස්සන සුරංගනා කතාවකින් පෙන්වීමට මේ ගෙඹි පුතා සහ ගෙඹි තාත්තා දරන උත්සාහය වේ.
 
රාජධානී දෙකක වෙන මේ වෙනස බැලීමට මේ වටිනා නාට්‍යමය අවස්ථාවකි Two Kingdom.
රංගන දායකත්වය වෙනුශ්ක රවිශාන් සහ රශාන් සමරවීරගෙනි. වේදිකා පරිපාලනය කංචන දිදුලංග සහ නදිනි තරින්දි, සංගීතය අමා රුවන් පතිරණ අංගරචනය නිරෝශන් සමීර ද සිල්වාගෙනි.
 
පශ්චාත් උපාධිධාරී (නාට්‍ය හා රංගකලා) වේදිකා නාට්‍ය සම්මානලාභී, නාට්‍ය රචක, අධ්‍යක්ෂක තාරුක පුෂ්පකුමාරගේ 'සෙවනැලි' නාට්‍යය යනු යුද්ධය සදාකාලිකවම සෑම භූමියකම ඇති වී නැති වී පවතින්නක් බව පෙන්වන ඇතැම් විට සම්පූර්ණයෙන්ම නිම වී ඇතැයි සිතුවද සැබැවින්ම යුද්ධයක් නවතින්නේ නැති බවත් පෙන්වන නාට්‍යයකි. 
 
tower naty 2
 
ආයුධ යුද්ධය නැවතුනද එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වන මානුෂීය ගැටලු විසඳීමට අපහසු වන අතර එමෙන්ම යුද්ධයකදී වැඩිපුරම ඛේදනීය ඉරණමකට ලක්වන්නේ කාන්තාවන් සහ ළමුන්‍ බවත් මෙහිදී පෙන්වා දෙයි. සෙවනැලි එම ඛේදවාචකයේ අසම්මතරූපී නාට්‍යයකි. එසේම නූතන රංග ආකෘතියකින් සැදුම්ලත් පර්යේෂණාත්මක රංගයකි.
රංගනය කංචන දිදුලංග, නතාෂා ගයත්‍රී, සේමාලි ද සිල්වා, නෙත්මි කාවින්ද්‍යා, වාසනා පියුමාලි, කිත්මිණී තාරුකා සහ වේදිකා පරිපාලනය තමිදු අකලංක, අදීෂ ප්‍රතිභා, නිතිර චන්තුක, සංගීතය අමා රුවන්පතිරණ, අංග රචනය නිරෝෂන් සමීර ද සිල්වාගෙනි.
 
ටවර් හෝල් නාට්‍ය පාසලෙහි විද්‍යාර්ථ පාරමී රණවීරගේ "No Nameහි පොඩි හාමුදුරුවන්ගෙන් හදිසියේම එන ඇමතුමට පන්සලට එන දේවින්දට මුහුණ දීමට සිදුවන්නේ සිතාගත නොහැකි සිදුවීම්ය. මුල, මැද සහ අගක් නැති අඩුම තරමේ නමක්වත් නැති පිටපතකට ජීවය දීමට හාමුදුරුවන්ගේ බලකිරීම මත දේවින්දට සිදු වේ. කෙසේ  හෝ සියලු ප්‍රශ්න විසඳී අවසන් වන්නේය.
මෙහි රංගනයෙන් තමිඳු අකලංක සහ සුනෙත් නිර්මාන් දායක වෙති.
 
මේ සමග ජාතික වීරයා නාට්‍යයද වේදිකාගත වේ.
Back to top
Go to bottom

Popular News