lan englan tam

පුවත්

ඉලයරාජාගේ චරිත කතාව ගැන දන්නේ මොනවාද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දීය සිනමාවේ මහා ගාන්ධර්ව ඉලයරාජාගේ චරිත කතාව චිත්‍රපට

නිර්මාණයක් ලෙස එළි දැකීමට ඉතා ආසන්න වේ. 

අරුන් මතේෂ්වරන් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන බව කියන මෙම චිත්‍රපටය දෙමළ සිනමා කර්මාන්තයේ වඩාත්ම බලාපොරොත්තු තැබූ නිර්මාණයක් වන්නේය.
 
මෙම කීර්තිමත් සංගීතඥයා පසුගියදා බෙහෙවින් අවධානයට ලක් වූයේ සිය දියනියගේ හදිසි වියෝවත් සමගය. එසේම මිය ගිය ඔහුගේ දියනිය භවතරිනිද සංගීත ශිල්පිනියකි. 
 
තම වෘත්තීය ජීවිතය තුළ බොහෝ පිළිගැනීම් ලැබූ මෙම සංගීත්වේදියා යනු දෙමළ කර්මාන්තයේ ඉතා ගෞරවයට පාත්‍ර වූ නිර්මාණකරුවෙකි.
 
ඔහු තම සංගීත ප්‍රතිභාව විශිෂ්ට ලෙස දැනෙන, අලංකාර සහ සන්සුන් ගීත රාශියක් නිෂ්පාදනය කර ඇති මහා ගාන්ධර්වයකු ලෙස ලෝකයේ බොහෝ දෙනෙකු මේ වන විට පිළිගනී. ශ්‍රී ලංකාව තුළද ඔහුගේ රසිකයින් බොහෝ වන්නේය.
 
ඉලයරාජාගේ චරිතාපදානය නිර්මාණය වෙමින් පවතින බවත් ඔහුගේ චරිත කතාව තවත් දක්ෂ තරුවක් වන ධනුෂ් විසින් නිරූපණය කරනු ලබන බවත් මීට පෙර නිවේදනය කෙරිණි. 
 
චිත්‍රප්ටයේ අධ්‍යක්ෂක ගැන මේ වන විට ස්ථිර අදහසක් නොවන නමුත්, කොලිවුඩ් සිනමා අධ්‍යක්ෂ අරුන් මතේෂ්වරන් මේ සඳහා තෝරාගෙන ඇති බවද පැවසේ.
Back to top
Go to bottom

Popular News