lan englan tam

පුවත්

'ඔයාගේ අවවාද නැත්නම් මට ඇඩ්‍රස් නෑ තාත්තේ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'පොඩ්ඩක් සයිකෝ' සිය අලුත්ම ගීතයෙන් රසිකයින් වින්දනයට පත් කළ ගයාන් පෙරේරා සිය පියා වන සුනිල් පෙරේරාගේ ආශිර්වාදය සමග ආ මගපෙන්වීම පිළිබඳව මීට කලකට පෙරේ සටහන් තබා තිබිණි.

'පොඩ්ඩක් සයිකෝ' ගීතයෙන් ආ ප්‍රතිචාර හමුවේ ගයාන් යනු පියාගේ අනුහසින් නොව සිය හැකියාවෙන් සංගීත ක්ෂේත්‍රයේ පය ගැසූ අයෙකු බවට ඔහුගේ එම සටහනින් මේ මොහොතේදීද බෙහෙවින් පැහැදිලි වේ.

“මගේ සිංදු කියලා සල්ලි හම්‍බ කරයි, නමුත් ඔයාට අනන්‍යතාවයක් නැතිවෙයි”

ඔය වචන ටික ඔයා එදා නොකිව්‍වනම්‍ මස්සිනා, බොරුකාරි,sms, ටිකෙන් ටික, වරෙන් යන්න, හදමන්දිරේ, හිතන තරම්‍ වගේ තවත් ගීත රැසක් අදටත් බිහි වෙන්නේ නෑ.

ඔයාගේ අවවාද සහ මගපෙන්වීම නැත්තන් මට ඇඩ්‍රස් නෑ තාත්තේ.
අවංකවම කිව්‍වොත් ලංකාවේ‍ music industry එකේ බාගෙන් බාගෙකට ඇඩ්‍රස් නෑ.

Thank you for everything 🙏
I promise you I will work everyday to make you proud.
I know you’re watching!!!
Love you❤️❤️❤️

- Gayan Perera

Back to top
Go to bottom

Popular News