lan englan tam

පුවත්

ප්‍රියංකර පෙරේරාගේ පෞද්ගලිකත්වයට කළ නිගරුවක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රියංකර පෙරේරා යනු කලක් ශ්‍රී ලංකාවේ දැඩි ජනප්‍රියත්වයක් ඉසිලූ ගායක ජේ.මේ. මිල්ටන් පෙරේරාගේ පුත්‍රයා වන අතර සිය පියා මෙන්ම ගීත ගායනයෙන් මෙන්ම රංගනයෙන්ද ශ්‍රී ලාංකික රසිකයින්ගේ හද බැද තබා ගත් කලා පවුලක එක් සාමාජිකයෙකු වේ.

තරුණ, ජනප්‍රිය ගායක දිල්මින් පෙරේරා ප්‍රියංකරගේ පුතණුවන් වන අත්‍ර ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි අශෝකමාලා ප්‍රියංකරගේ බිරිඳ වේ.
ප්‍රියංකර පෙරේරා මේ වන විට මදක් රෝගීව වාසය කරන අතර ඔහුගේ සුවදුක් බැලීමට මෑතකදී ගිය එක් අයකු පළ කළ ඡායාරූපයක් හේතුවෙන් ප්‍රියංකරගේ අසනීප තත්ත්වය බෙහෙවින් අවධානයට පත්ව තිබෙන අතර ඒ පිළිබඳව පිරියංකරට ඇළුම් කරන සමාජ ජාල ක්‍රියාකාරීන් බෙහෙවින් අදාළ පාර්ශ්වයට අප්‍රසාදය පළ කරමින් ඇත.
කලාකරුවෙකු ලෙස රසිකයින් ඉදිරියේ සිටි ප්‍රියංකර පෙරෙරා කලාකරුවාගේ ගිලන්ව සිටින ඡායාරූප පළ කිරීම ඔහුගේ පෞද්ගලිකත්වයට කළ නිගරුවක් හැටියට ඔවුන් පෙන්වා දෙමින් තිබේ.

Back to top
Go to bottom

Popular News