lan englan tam

පුවත්

චිත්‍ර ශිල්පී වින්සෙන්ට් වැන්ගෝ නමින් උපන් කුඩා උරගයා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලෝක ප්‍රකට සම්භාව්‍ය චිත්‍ර ශිල්පී වින්සන්ට් විලෙම් වැන් ගෝ නෙදර්ලන්ත ජාතිකයෙකි. සිය මරණය පවා අභිරහසක් හැටියට සනිටුහන් කොට මිය ගිය බවට සැක මුසු අවධනයට ලක් වූ චිත්‍ර ශිල්පියෙකු වන වැන්ගෝගේ සිතුවම් ලොව ජනප්‍රියතම හා ඉහළම මිල වටිනාකමක් ලද ඒවා විය. වැන්ගෝ වෙනුවෙන් අලුත් උරග විශේෂයක් Van Gogh’s starry dwarf gecko යනුවෙන් නම් කිරීමට මේ වන විට කටයුතු කර තිබේ.

දූවිලි පැහැති නිල් සහ අළු වර්ණ සහිත මෙම උරග වර්ගය කුඩා හූනන් විශේෂයක් වන අතර ඔවුන්ගේ සම මතුපිට සුදු පැහැ තිත් වැටී ඇත.
මතුපිට ශරීරය වර්ණවත් වන උරගයා ඇස පිනවන කහ පැහැති බවකින් සමන්විතය. රාත්‍රී අහසක පෙනුම සහිත මෙම ජීවියා අඟල් 2.6ක දිගකින් සමන්විත වන අතර කුඩා ශරීර ප්‍රමාණයක් සහිතය. රතු පැහැති ඇස් සහිත ජීවියා තමිල්නාඩුවේ වනාන්තරවල දැකිය හැකි බව පැවසේ.
වැන්ගෝ විසින් සිතුවම් කරන ලද The Starry Night නිර්මාණයට සමාන ශරීර මතුපිටක් සහිත වීම හේතුවෙන් මෙම හූනන් විශේෂය ඔහු වෙනුවෙන් නම් කර තිබේ.

මූලාශ්‍ර සැපයුම : පරිසරවේදී, නීතිඥ ජගත් ගුණවර්ධන

Back to top
Go to bottom

Popular News