lan englan tam

පුවත්

සේනක බටගොඩගේ ගීත 07ක් ගායනයට වාරණ පැනවේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සේනක බටගොඩ ගායන ශිල්පියා විසින් ගායනා කරන ලද ගීත 07ක් ගායනා කිරීම වළකලමින් කොළඹ වාණිජ මහාධිකරණය වාරණයක් නිකුත් කර තිබේ.

අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පනක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම් මා යන ගීත 07 මෙසේ සේනක බටගොඩ විසින් ගායනා කරනු ලැබීම වාරණය කර තිබේ.
කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් අද (02) මෙම වාරණ නියෝගය නිකුත් කර සිටියේය.
ගීතවල පද රචනා, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය නිර්මාණය කළ ජනත් කුලතිලකට බුද්ධිමය දේපළ පනත යටතේ ගෙවිය යුතු කර්තෘ භාග නොගෙවීම සම්බන්ධයෙන් මෙම තීරණය දැනුම් දී තිබිණි.
ජනත් කුලතිලක විසින් සිය නීතිඥයින් මාර්ගයෙන් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ විනිසුරුවරයා ජනත් කුලතිලක මහතාගේ ලිඛිත අවසරයකින් තොරව එම ගීත 7 වෙනත් පාර්ශ්වයන් වෙත පැවරීම වළක්වාලමින්ද වාරණය නිකුත් කරනු ලැබ තිබේ.

News 19

Back to top
Go to bottom

Popular News