ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කරන අයුරු දැක්වෙන සංගීත වීඩියෝ පටයක් වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ නීතිවේදීහු දැඩි විරෝධය දක්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත.
ස්නුප් ඩොග්ස් (Snoop Dogg)සංගීත කණ්ඩායම විසින් මෙම වීඩියෝ පටය ප්‍රකාශයට පත් කර ඇති අතර ට්‍රම්ප් මෙන් සැරසුණු විහිළුකාරයකුට වෙඩි තබන දර්ශනයක් මෙම වීඩියෝ පටයට ඇතුළත් වී ඇත.
මෙම වීඩියෝ පටය ලැවෙන්ඩර් (Lavender)යනුවෙන් නම් කර තිබේ.