දෙමළ ජනතාව සිය ආහාර රටාව පොදුවේ පවත්වාගෙන යන්නේ එක්තරා රටාවකටය. ලෝකයේ බොහෝ ස්ථානවල ප්‍රසිද්ධ මෙම ආහාර රටාවට මරු පහරක් එල්ල වූ එක් අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාවේ පැවති යුද සමය හැඳින්විය හැක්කේ ඔවුන්ගේ සංස්කෘතික ආහාර රටාව 'කංජි' (කැඳ ) ස්වල්පයකට සීමා වීම හේතුවෙනි.
මිනිසුන් ආපදාවලදී, හදිසි තත්ත්වයන් උඩදී විවිධ ආහාර රටාවන්ට යොමු වීමද සංස්කෘතික කාරණයක් වී තිබේ.
පලස්තීනය ඇතුළු වර්තමානයේ යුද්ධයකට මැදිව දිවි ගෙවන බොහෝ ජනතාවගේ ජීවන තත්ත්වය එබඳුය. ජීවන අරගලය මැද කංජිවලින් ජීවිතය ගැට ගසා ගත් මිනිසුන්ට වර්තමානයේ එය ස්මරණය කිරීමට තරම් කාරණයකි. කලාවකට, රටාවකට ආහාර ගන්නා මිනිසුන් අද කංජි බොන්නේ වසරකට එක් වරක් විය යුතුය. ඒ තමන් වේදනාවෙන් නැගී සිටි තැන් සිහි කිරීමට විය යුතුය. එම අවස්ථා නිලාන්දන්ගේ 'යුගාවසානයෙන් ඉක්බිති' කාව්‍ය සංග්‍රහයෙන් උපුටාගෙන පසුගිය දිනවල සමාජ ජාලවල පළ කර තිබිණි.
"සංහාර සිදුවෙමින් පැවැති කාලයක, එසේ නොමැති නම් යුගාවසානයක, බංකරයක් නැතහොත් මිනී වළක් කපමින් සිටි ජනයා පිසුවේ කුමක් ද? ආහාර ලෙස ගත්තේ මොනවාද? පානය කළේ කුමක්ද? නැති නම් ඔවුන්ට ආහාර අනුභව කිරීමට හෝ පානය කිරීමට හෝ කාලයක් දැනුණේද? එසේ නොමැති නම් අනුභව කිරීමටත් පානය කිරීමටත් ඔවුන්ට කුසගින්න සහ පිපාසය තිබුණේද?
මෙය ‘ආහාර අවියක් ලෙස භාවිත කෙරෙන යුද පිටියක්’ යනුවෙන් දෙමළ සිවිල් සමාජ සංසදය සිය නිවේදනයක සඳහන් කර ඇත. එකල දෙමළ පුනරුත්ථාපන සංවිධානය විසින් ආහාර සපයා ගත නොහැකිව සිටින පිරිසට 'කංජි' ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදී. කංජී බෙදා දීම ස්ථාන කිහිපයකම සිදු කෙරුණි. ආහාර අවියක් ලෙස භාවිතා වූ මෙම යුද බිමෙහි එම ආහාර පිළිබඳ මතකය ස්මරණය කිරීම සඳහා ‘මුල්ලිවයික්කාල් කංජී’ යොදා ගත හැකි බවට යෝජනා කරන ලද්දේද දෙමළ පුනරුත්ථාපන සංවිධානය විසිනි. අවසන් යුද සමයේ කංජීවලට අමතරව වායිප්පන් (කෙසෙල්, පිටි සහ සීනී එකට මිශ්‍ර කර තෙලෙන් බැද ගන්නා ආහාරයක්), බදින ලද රොටී සහ නමක් නොමැති කොළ වර්ගද ආහාර ලෙස ගන්නා ලදී."
ඡායා : කුමනන්