lan englan tam

පුවත්

ඩිනාරා පුංචිහේවා ආසියාවේ ප්‍රබලයන්ගේ ලැයිස්තුවට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ

"30 අන්ඩර් 30 ඒෂියා" ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ

චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවා සමත් වූවාය.

මෙම ලැයිස්තුවට ආසියා පැසිෆික් කාලාපයේ වෙනසක් ඇතිකළ ව්‍යවසායකයන්, නායකයන් සහ විවිධ ක්ෂේත්‍රවල පුරෝගාමීන් 300 දෙනෙකු ඇතුලත් වී ඇති අතර ඒ සියලු දෙනාම වයස අවුරුදු 30 ට අඩුවීම විශේෂත්වයකි.

ආසියා පැසිෆික් කලාපයේ අවධානය යොමුකළ යුතු පුද්ගලයන් "30 අන්ඩර් 30 ඒෂියා"ලැයිස්තුව මගින් ෆෝබ්ස් සඟරාව ප්‍රකාශයට පත් කරනු ලබයි.

කාණ්ඩ 10ක් යටතේ මෙම ලැයිස්තුවට පුද්ගලයන් තෝරාගෙන ඇති අතර රසවින්දන සහ ක්‍රීඩා අංශයෙන් ඩිනාරා පුංචිහේවා මෙම ලැයිස්තුවට ඇතුලත් වූවාය.

ඩිනාරා පුංචිහේවා 2018 වසරේදී ඇයගේම චිත්‍රපටයක් වන මාලා ඔස්සේ චිත්‍රපට ක්ෂේත්‍රයට පැමිණියාය. මාලා චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙලකදී ප්‍රදර්ශනයවීමත් සමඟ චිත්‍රපට නිෂ්පාදක ප්‍රසන්න විතාන ගේ අවධානය එම චිත්‍රපටය සඳහා යොමු වී ඇති අතර එහි දැක්වු කුසලතාවය හේතුවෙන් ගාඩි චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දීමට ඩිනාරා ට ප්‍රසන්න විතානගේ ආරාධනා කර තිබිණි.

ඩිනාරා ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියක් වන අතර ඇය අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන් නාට්‍ය හා රංගනයට අවතීර්ණ වීමට අවස්ථාව ලබා දෙන පුංචි ඇක්ටර්ස් නම් ලාභ නොලබන ආයතනයේ නිර්මාතෘවරියද වූවාය.

ඩිනාරා පුංචිහේවා විවාහව සිටින්නේ ගුවන් නියමුවකු වන සංජය වෙත්තමුණි සමගයි.


(https://www.google.com/url?q=http://lankadeepa.lk&source=gmail&ust=1716092591325000&usg=AOvVaw2DCs3WJPhy_6qaCITmtswE">lankadeepa.lk -විමුක්ති එස් රුද්‍රිගු)

 
dinara3
 
 
Back to top
Go to bottom

Popular News