lan englan tam

පුවත්

'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය'ට ඉහළ ප්‍රතිචාර

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' එහි පළමු පියවරේදීම ඉහළම ප්‍රතිචාරයක් හිමි කරගෙන ඇති බව එම ත්‍යාග උලෙළ සංවිධායකයෝ පවසති.

'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' සඳහා අත්පිටපත් භාරගැනීම පසුගිය මැයි 15 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර එළඹෙන සඳුදා සහ අඟහරුවාදා දිනයන්හීදී එම අත්පිටපත් ඇගයුම් මණ්ඩල වෙත ලබා දීමට නියමිතය.
'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' වෙනුවෙන් ඉදිරිපත් වූ සමස්ත අත්පිටපත් වාර්තාව අනුව අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා සිව් ගුණයක සංඛ්‍යාවක් අත්පිටපත් ලැබී ඇති බව විදර්ශන සභාපති ජනක ඉණිමංකඩ පවසයි.
'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' ආරම්භක අවස්ථාවේදීම මෙතරම් ඉහළ ඒ අනුව නවකතා අත්පිටපත් 92ක්, කෙටිකතා අත්පිටපත් 107ක්, කාව්‍ය අත්පිටපත් - 181ක්, ඉංග්‍රීසි බසට පරිවර්තනය වූ සිංහල සාහිත්‍ය කෘති (නවකතා, කෙටිකතා, කාව්‍ය) අත්පිටපත් - 21ක් සමග සියලු අත්පිටපත් 401ක් ලැබී තිබේ.

Back to top
Go to bottom

Popular News