lan englan tam

පුවත්

දරුවන් ගැන වගකීමෙන් රජයට මිදෙන්න බෑ; උපැවිදි වෙන්නත් හිතුණා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තුවාල වුණ සමාජයට බොහෝ තැන්වලදී ඔසු පැන් ඉසිමින් සමාජයේ වඩා වටිනා කාර්යභාරයක් තමන් වෙත පවරාගනු ලැබූ ස්වාමීන් වහන්සේනමක් වන පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ පසුගිය සතියේ සිකුරාදා (17) 'මතක පද' යූටියුබ් සංවාදාත්මක වැඩසටහන සමග එක් විය.

වල්පොල රාහුල ආයතනයේ ප්‍රධානී, කැලණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යකු වන උන්වහන්සේ එහිදී පැවිදි දිවියට දරුවන් එළඹීමට අදාළවත් යෞවන වියේ දරුවකු පැවිදි වීම තමන් වහන්සේට අනුව වරදක් නොවනවා සේම දරුවකු සම්බන්ධයෙන් වන වගකීමෙන් රජයකට මිදීමට නොහැකි බවත් එහිදී උන්වහන්සේ අවධාරණය කළහ.
ආගමේ සමාජයට ඇති අවශ්‍යතාවය, සිය ජීවිතයේ උපැවිදි වීමේ අදහස් වෙත තමන් මුහුණ දුන් අවස්ථා පිළිබඳව උන්වහන්සේ සවිස්තරාත්මකව ප්‍රකාශ කළහ.

Back to top
Go to bottom

Popular News