lan englan tam

පුවත්

තරු විමනක රන් සලකුණ - සොමී සැමරුම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"තරු රාශියක් මැද සොමී රත්නායක රන් සලකුණක්ම තමා. ඇත්තටම ඔහු ඔහුගේ පෞරුෂය රංගනයට මුසු කළා.." මෙසේ සටහන් කරන්නේ ප්‍රවීණ කලා අධ්‍යක්ෂවරයකු වන අජන්ත අලහකෝන්ය.

මැයි 27 වැනිදා කොළඹ සුදර්ශි සංස්කෘතික ආයතනයේදී සවස 05ට 'තරු විමනක රන් සලකුණ - සොමී රත්නායක රංගන පෞරුෂයක අභිමානය' සැමරුම් උලෙළ ආරම්භ කිරීමට නියමිතය.
ආදරණීය රංගධරයෙකු වන සොමී රත්නායකයන් එදින කලකට පසුව හමු වී කතාබහ කිරීමට හැකියාව සහෘද, රසික පිරිසට උදා වනු ඇත.
සිනමා අනු මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම උලෙළේදී පෙරවරු 10ට සුරබිදෙන, පස්වරු 02ට සුද්දිලාගේ කතාව සහ 07ට උතුමාණෙනී තිරගත වීමට නියමිතය.

Back to top
Go to bottom

Popular News