lan englan tam

පුවත්

දවස් 14ට රුපියල් ලක්ෂ 325ක ආදායමක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'විසල් ආදරේ' වාසව බදුගේ අධ්‍යක්ෂණය කළ අලුත්ම චිත්‍රපටය පළමු දින 14 තුළදී වාර්තාගත ලෙස රුපියල් ලක්ෂ 325ක ආදායමක් ලබා ඇත.

ශ්‍රී ලංකාවේ තිරගත වීම ඇරඹීමට සමගාමීව ජාත්‍යන්තර තිර ප්‍රදර්ශනය ආරම්භ කළ 'විසල් ආදරේ' චිත්‍රපටය කැනඩාවේ හොලිවුඩ් චිත්‍රපට ප්‍රදර්ශනයට පවා අභියෝග කර ඇති බව එම චිත්‍රපට නිෂ්පාදකයින් පැවසූ අතර එහි මුල් දින පහේ ආදායමද රුපියල් ලක්ෂ 100 ඉක්මවා තිබිණි.
එහෙයින් ශ්‍රී ලාංකික සිනමා කර්මාන්තය ආකර්ෂණීය චිත්‍රප්ටය නිර්මාණයෙන් වෙළඳපොළ ජය ගත හැකි බවට 'විසල් ආදරේ' විසින් සනාථ කරනු ලැබ අවසන්ය.
මේ බව චිත්‍රපටයේ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ඇතුළු අය විසින් ප්‍රකාශ කරනු ලැබ තිබූ අතර මේ හේතුවෙන් සියලු තිරගත වීම් දින දිගු කිරීමටද නිෂ්පාදක කණ්ඩායම කටයුතු කර තිබේ.

Back to top
Go to bottom

Popular News