lan englan tam

පුවත්

සම්භාව්‍ය චිත්‍රපටයක් ගෙදරදීම හැදිය හැකිද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චිත්‍රපටයක් සේම ඕනෑම කලා නිර්මාණයක් කිරීම යනු කෙතරම් සීරු මාරුවෙන් කළ යුත්තක්දැයි අපි දනිමු. සම්භාව්‍ය චිත්‍රපට නිර්මාණය පිළිබඳවද අපට ඇත්තේ ඒ හා සමාන අත්දැකීමකි.

උපේක්ෂා නුවන්ශ්‍රීනී ෆේස්බුක් සමාජ ජාලයේ ප්‍රසිද්ධ ලියන්නියකි. සම්භාව්‍ය චිත්‍රපට නිර්මාණය පිළිබඳව ඇගේ මානයෙන් බලා උපේක්ෂා රසවත් ආකාරයකට ලියා තිබේ.
ඇගේ අදහස පළ කිරීමෙන් චිත්‍රපට නිර්මාණය යන අතිශය අසීරු ක්‍රියාවලිය උපහාසයට ලක් කිරීම අපේ අපේක්ෂාව නොවන අතර උපේක්ෂාගේ අලුත් අදහසට ඉඩ දීමත් අලුත් සංවාදයකට ඉඩ දීමත් මෙයින් අපේක්ෂා කරමු.

------------------------------------------------------------------

සම්භාව්ය චිත්රපටයක් ගෙදරදීම හදා ගන්නා ආකාරය
............................................................
Ingredients
..............................................................
වෙනස් ආකෘතිය ක බටහිර චිත්රපටයක්
කාමරයක්
ටැප් එකක්
එලවලු කපන පිහියක්
පූසෙන්
බල්ලෙක්
ඔම්ලට් එකක් සකසා ගත හැකි පෑන් එකක්
බිත්තරයක්
වම්බටු ගෙඩියක්
ප්රසිද්ධියේ ඇඳුම් මාරු කරන්න කැමති නිලියක්
අත වනපු ගමං ගෙන්න ගන්න පුලාං නලුවෙක්
හොඳ තත්වයේ පෑන්ටියක්, බ්රෙෂියරයක්
බාත් ටවල් එකක්
ඈෂ් හෝල්ඩරයක්
සිගරට් එකක්
ගිනි පෙට්ටියක්

චිත්රපටය සාදා ගන්නා ආකාරය
..............................................
චිත්රපටය තිරගත කිරීමට සති හතරකට පෙර බොරැල්ල හංදියෙං කොල්ලකු අල්ලාගෙන ඌ⁣ට තමා තෝරාගත් චිත්රපටය පෙන්නා කවුරු හෝ සමග එක්ව සෙට්එක සකසා දෙන්න යයි ඉල්ලා අර චිත්රපටයේ ආකාරයට ගෙදර කාමරය සකසා ගැනීම
ක්ලෝත්ෆෝබියාවෙන් පෙළෙන නිලියක් ලවා කැමරාව ඉදිරියේ රෙදි මාරු කරන්න සලස්වන්න.
ඉන් පසු ඇයට සෙමින් නිරුවතින් ඇවිද යන්නැයි පවසන්න....ඇය කාමරයෙන් එහාට හැරෙද්දි නිදා සිටින පූසාට කැමරාව අල්ලන්න...ඉන්පසු ඇය කුස්සියට හැරෙන තැනදී බල්ලාගේ ක්ලෝසප් එකක් ගෙන බුරන හඩක් පසුබිමට එකතු කරන්න .( බල්ලාගේ කරපටියෙහි සමාජවාදී රතු තරුව ඇත. Closeup)
ඉන්පසු නිරුවතින් කුස්සියට යන කාන්තාව ටැප් එකෙන් බටු ගෙඩියක් සෝදා පිහියෙන් කපන සමීප රාමුවක් ගන්න ( එයට විචාරකයෝ පුරුෂ විරෝධය වැනි මහා අර්ථයක් දෙනු නොඅනුමානය.)දැං බටු ගෙඩිය තෙල් ටිකක් දා බදින්න .( අහෝ ස්ත්රි හිස්ටරික බව ..විකල්ප විචාරකයෝ හඩනු ඇත.)
දැං පූසා මේසය උඩය.. ඌ බදින ලද බටු ව්යංජන ය දෙස බලා සිටී ( එය පුරුෂ ලිංගයේ ස්ත්රි පිලිබිඹුවකැයි කේ කේ සමන් ලියනු ඇත.අපූර්වයි.)
පසුබිමෙන් පිරිත් ස්වරයක් ඇසේ. කාන්තාව බිත්තරයක් කඩා පෑන් එකට දමයි එය පෙන්වන්නේ සෙවණැල්ලක් පරිදිය ( එය බෞද්ධ භාවයේ සංකේතීය ගබ්සාවේ පිළිබිඹුවක් යයි අජිත් ගලප්පත්ති ලියනු ඇත.)
දැං ස්ත්රිය නිල් කට්රොල් යොදා සැකසූ බත සමග බටු මාලුව බුදියි...( ස්ත්රි පුරුෂ සමානාත්මතා වේ පිළිබිඹුවක් අහෝ ! සුරේඛා සමරසේන ලියයි )
උයා අවසන් වූ නිරුවත් ස්ත්රිය දොර අසල සිටින බල්ලාට හාදුවක් දී නාන කාමරයට වැද නිරුවතින්ම ස්නානය කරයි.( Closeup) නාන කාමරයේ කොනක පෑන්ටිය සහ බ්රෙෂියරය එල්ලෙයි.( Closeup) ( ස්ක්රිය ආත්මය උනා දමා මාක්ස්වාදය ස්නානය කරයි ඒ චූලානන්ද සමරනායක ය)

ඉන් පසු ඇය බාත් ටවල් එකකින් හිස කෙස එකට බැඳ නිරුවතින් ම සාලයට පැමිණ මාකස්ගේ රුව පිංතාරු කල කුෂනයක් මත සුවපහසුවට හිඳගෙන පසෙක ඇති ගිනිපෙට්ටිය දල්වා සුව පහසු ලෙස දුම් උගුරක් උරයි..( සමාජවාදයට පශ්චාත් බාගයදුන් ධනවාදයේ ව්යාජ ස්ත්රිත්වය යයි ජයසිරි අලවත්ත ලියනු ඇත.) චිත්රපටය ට තෝරාගත් පූසාව කන්න නොදී දවසක් තබා ඌ හඩ නගන කෙදිරිය වෙනම පටිගත කර පසුබිම් සංගීතය ලෙස භාවිත කල හැක.( ස්ත්රි වැජයිනාවේ කෙදිරිය සංගීතය පිලිබිඹු කලා යනුවෙන් ගාමිණී වියන්ගොඩ ලියනු ඇත)

දැං නලුවා ඈෂ් ට්රේ එක ස්ටූලයක් මත තබා කරකවන සමීප රූපරාමුවක්.ඈෂ් ට්රේ එක මතට නග්න ස්ත්රියගේ රුව වැටී ඇත.ඔහු එය ඒ මේ අතට හරවමින් බලයි. එතකොටම සමාජවාදී තරුව පැලඳි බල්ලා ස්ටූලයට නැග ඈෂ් ට්රේ එක පෙරලා දමයි.අම්මට හු....පං කැම්රියා....නලුවා බෙරිහං දෙයි....( ධනවාදයේ මස් කට්ට ලෙවකන සුනඛයා සෑම විටම ස්ත්රි සෞන්දර්යයට ප්රතිවාදී වෙයි...කෙේ කේ සමන් කුමාර නැවත ලියයි )

දැං ඔබ සම්භාව්ය වැඩිහිටි චිත්රපටය ක් නිපදවා තිබේ.එයට සිංහල බෞද්ධ මුහුණුවරක් දීමට අවැසිනම් ඔබ කල යුත්තේ නිරුවත් ස්ත්රිය සිගරට් දුම මුදා හරින දර්ශනයට සමපාතව බුදු පිලිමයක් ඉදිරියේ හදුන්කූරක් දැල්වෙන ආකාරය ප්රදර්ශනය කිරීමයි.( සිංහල බෞද්ධ දෘෂ්ඨිවාදයට ස්ත්රි ලිංග ප්රහාරයක් යයි චින්තන ධර්මදාස කියනු ඇත)
ඉනික්බිති සමාජවාදී බල්ලා දුටු විකාර සිහිනය වැනි තේමාවක් යටතේ My Cute Baby වැනි ඉංගිරිසි නමක් යොදා ඔබ කොපි කල චිත්රපටය ඒ රටේ තිරගත වන විටම සතියෙං දෙකෙන් පෝලිම පන්නා මණ්ඩලේට බෝල බස්සා මහජන ප්රදර්ශනය කිරීමය.ඉන්පසු වසර පාලෝක පර්යේෂණය ක් මැයෙන් මාකටින් පාරක් දුන් විට මා පෙර කිව් විචාරක ඔස්තාර්ලා ඔබව මෙරට ලෙස්ටර් ජේම්ස් බවට පත් කරනු ඇත වසරේ හොදම නලුවා නිලිය පමණක් නොව වසරේ හොඳම බල්ලා සම්මානයද ඔබට හිමිවනු ඇත..ඉතින් මන්ද පමා,
දැන්ම පටන් ගන්න 😊

උපේක්ෂා නුවන්ශ්රීනි

Back to top
Go to bottom

Popular News