lan englan tam

පුවත්

"ඉතින් අපි බැන්දා!"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මාධවී වත්සලා ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දියනිය හා කලා ශිල්පිනිය සහ ලේඛක, ගී පද රචකයෙකු සහ නිර්මාණකරුවෙකු වන කසුන් මහේන්ද්‍ර හීනටිගල ඊයේ (20) දිනයේ සිය විවාහ දිවියට එළඹුණි.

පසුගිය 18 වැනිදා මාධවීගේ මෙහෙන්දි උත්සවය පැවැත්වුණු අතර සිය ජීවිතයේ හමු වූ ආදරණීයම මිනිසා වන වන කසුන් සමග මාධවී යුග දිවියට පිවිසීම ඔවුන්ගේ රසිකයින්ටද මේ වන විට සුබ පණිවුඩයක් වනු ඇත.
සිය විවාහ මංගල්‍යය සමගින් 'ඉතින් අපි බැන්දා!' යනුවෙන් ගීතයක් එළිදැක්වීමටද කසුන් හා මාධවී කටයුතු කර තිබිණි.
ගීතයේ පද රචන කසුන් විසින් සිදු කරනු ලැබ ඇති අතර සංගීතය ළහිරු ඩී කොස්තාගෙනි. ගායනය කසුන් සහ මාධවී විසිනි.

ඡායා : Dark Room

kemadasa

shungara

Back to top
Go to bottom