ගයේෂා පෙරේරා කුරුප්පුආරච්චි ට අද වාසනාවන්ත දවසක්. ගැහැනියක් ලෝකයේ වටිනාම පදවියෙන් පුද ලබන්නේ මවක් වීමෙන් යන්න පිලිගැනෙන්නක්. ගයේෂා මීට සුළු මොහොතකට පෙර ආදරණීය සිගිත්තෙකු ගේ මවක් බවට පත්ව අම්මා කෙනෙක් වෙලා
ඇය සිය ෆේස්බුක් ගිණුමෙහි සටහන් කර තිබුනේ මම ලෝකයේ ආදරණීය පදවිය ලැබුවා අම්මා කියායි. ඇත්තේන්ම ගයේෂා ජීවිතය ආත්ම විශ්වාසයෙන් සහ හිතේ හයියෙන් ජයගත් තරුණියක්. ඇගේ දරාගැනීමේ, ඉවසා සිටීමේ සහ ලෝකයාට මුහුන දීමේ හයිය පිලිබඳව මිරර් ආර්ට්ස් ඇයට සුබ පතනවා වගේම ආදරණීය මව් පදවිය ලැබ ඇය ලද සතුට වෙනුවෙන් ද හසන්ජිත් ටත් ගයේෂාටත් අළුත උපන් බිළිදාටත් සුබ පතනවා.
මන් ලෝකයේ ආදරණීය පදවිය ලැබුවා..
"අම්මා"