'ජාතික රූපවාහිනිය සමග හවසට ගෙදර රාත්‍රී 7-8 හෝරාව'රූපවාහිනී ප්‍රේක්ෂක ජනතාවට, විවේකී කාලයේදී හරවත් වැඩසටහන් නැරඹීමට අවස්ථාව ලබාදීමේ නව වැඩපිළිවෙල සම්බන්ධයෙන් මාධ්‍ය සහ අනුග්‍රාහක භවතුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් (15) පස්වරුවේ කොළඹ රාමඩා හෝටලයේදී පැවැත්විය.
මේ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා සෑම සතියේ දිනකම රාත්‍රී 07 සිට 08 දක්වා පැය තුල "හවසට ගෙදර" නමින් නව වැඩසටහන් පෙළක් ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශනය කරනු ලබයි.
ඒ අනුව සෑම සඳුදාවකම මේ පැයේදි මිහිකත ඔබේය. විත්ති කතාපෙළ ඉදිරිපත් කිරීමට නියමිතය.
අඟහරුවාදාට "හිත ළඟ හත" හේම නලින් කරුණාරත්න ඉදිරිපත් කිරීමක්.
බදාදාට "කවුද ස්ටාර්" බ්‍රහස්පතින්දාට "X- FILES සිංහල උපසිරැසි සමඟ,
සිකුරාදාට "මහෝඝය". ගීතය හා සංගීතය දෙස අපූර්ව ආකාරයෙන් බලන "මහෝඝය" බන්දුල නානායක්කාර වසම්ගේ ඉදිරිපත් කිරීමක්.
රූපවාහිනි ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක්, අපූර්වත්වයක් ගෙන එන ජාතික රූපවාහිනි අලුත් ටෙලිවිෂන් සංස්කෘතිය "හවසට ගෙදර" රාත්‍රි 7-8 හෝරාව අත්විඳින ලෙස ජාතික රූපවාහිනිය ඇරයුම් කරයි.