lan englan tam

පුවත්

ටෙලිනාට්‍ය එක්ක sex කරලා සිනමාව එක්ක විවාහ වීම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
එක්තරා කෙල්ලො වර්ගයක් ඉන්නවා, ඒ කෙල්ලොන්ව විවාහ කරගන්න ගොඩක් පිරිමි කැමති නෑ. ඒත් ඒ අයගෙන් තාවකාලික ලිංගික පහසක් විතරක් අරගෙන ඒ අයව චුවිංගම් එකක් වගේ විසිකරන්න පිරිමි ආසයි. මොකද කියනව නම් මේ වර්ගයේ කෙල්ලො ගොඩක් සරාගිකයි, සමාජශීලියි සහ සාම්ප්රදායික සීමාවල හිරවෙලා ඉන්නෙ නෑ.
ඉතිං මේ වර්ගයේ කෙල්ලොත් එක්ක room යන්න, club යන්න, සවාරි යන්න, මත්පැන් මත්ද්රව්ය භාවිත කරන්න, කාම ලෝකයේ උපරිමයට යන ලිංගික අත්දැකීම් ලබාගන්න සහ අත්හදාබැලීම් කරන්න තමයි සමහර පිරිමින්ට ඕනෙ. ඒත් ඒ වර්ගයේ කෙල්ලොන්ව කසාද බඳින්න ගොඩක් පිරිමි කැමති නෑ. සරලවම කියනවනම් මේ කෙල්ලොන්ගෙන් ආතල් එකක් අරගෙන ටයිම් පාස් කරලා අතඅරිනවා. මේ වර්ගයේ කෙල්ලොන්ව තමන්ගේ ළමයගේ අම්මා කරගන්න පිරිමි කැමති නෑ. මේක පිරිමින්ට තියන පටු මොංගල් සිතුවිල්ලක්.
තවත් කෙල්ලො වර්ගයක් ඉන්නවා, ඒ කෙල්ලො උසස් කුලයේ, ළං වෙන්න අමාරු, අරුම පුදුම වටිනාකමක් තියන අය වගේ තමයි ඉන්නෙ. අනේ ඉතිං ඒ කෙල්ලොන්ව තමන්ගේ ළමයගෙ අම්ම කරගන්න පිරිමි ආසයි.
සරාගී, සමාජශීලී කෙල්ලොත් එක්ක ආතල් අරගෙන, ඊට පස්සෙ යශෝධරාවියක් හොයාගෙන ඇය වෙනුවෙන් මුළු ආත්මයම කැපකරලා සීරියස් පවුල් ජීවිතයක් අභිමානවත්ව සහ ගෞරවාන්විතව ගතකරන එක තමයි පිරිමි බහුතරයකගේ කුප්ප හීනය සහ පරමාදර්ශී අවසාන අරමුණ. මේ අරමුණ පට්ට කුහකයි.
දැන් අපි එමු ටෙලිනාට්ය සහ සිනමා අධ්යක්ෂවරුන්ගේ පැත්තට...
"දැනට ඉතිං ටෙලිඩ්රාමා දෙක තුනක් කරගෙන ඉන්නවා. ෆිල්ම් එකක් කරන එක තමයි ටාගට් එක"
"මම මේ ටෙලිඩ්රාමා කළාට මේවම කර කර ඉඳලා හරියන් නෑ... ෆිල්ම් එකක් කරන්න ඕනෙ"
"මේ දවස්වල මම ෆිල්ම් එකක් කරන්න ලෑස්ති වෙනවා"
මේ තමයි ටෙලිනාට්ය අධ්යක්ෂවරුන්ගේ දේව වාක්යය.
ටෙලිනාට්ය කරන ගොඩක් අධ්යක්ෂවරු කවද හරි දවසක සිනමාවත් එක්ක ගෞරවාන්විතව විවාහ වීමේ හීනය හිතේ තියාගෙන තමයි සමාජශීලී සරාගී ටෙලිනාට්යය එක්ක අත්දැකීම් සහ තාවකාලික ආතල් එකක් ගන්නෙ.
සිනමාව සහ ටෙලි නාට්ය අතරින් එකක් තෝර ගන්න කිව්වොත් අධ්යක්ෂවරු අනිවාර්යෙන්ම තෝරගන්නෙ සිනමාව. ඒකෙන්ම පේනවා සිනමාව කියන්නෙ ඉහළ කුලේ සීන් එකක් සහ ටෙලි නාට්ය කියන්නේ අඩු කුලේ සීන් එකක් කියලා අධ්යක්ෂවරු හිතනවා කියලා. මගේ මේ අදහස මට හිතෙන දෙයක් මිසක් පරම සත්යයක් නෙමෙයි. මේ අදහසට වඩා විරුද්ධ තාර්කික අදහසක් ඔබට අනිවාර්යෙන්ම තියෙන්න පුළුවන්.
අනාගතේ විවාහ කරගන්න බලාපොරොත්තු වෙන සිනමාවට 100% ක් දෙන්න බලාගෙන ඉන්න සමහර අධ්යක්ෂකවරු වර්තමානයේ කරන ටෙලිනාට්යවලට 100%ක් දෙන්නෙ නෑ කියලත් මට හිතෙනවා. සමහර විට ටෙලිනාට්යවලට ලැබෙන මිල ගණන් සහ ප්රායෝගික දුෂ්කරතා නිසා මේ වගේ සිතුවිල්ලක් එනවා වෙන්නත් පුළුවන්. ඒත් සිනමාවේ තියන ෆැන්ටසි දැවැන්ත බවට අධ්යක්ෂවරුන් පවා අහුවෙලා.
ටෙලිනාට්ය අධ්යක්ෂකවරු චිත්රපටයක් කරන හීනය ඔලුවේ තියාගත්තට කිසි අවුලක් නෑ. ඒත් සිනමාව කියන්නෙ ටෙලිනාට්යවලට වඩා ලොකු මාර දෙයක් කියලා සමහරු හිතන එක තමයි අව්ල.
සිනමාව කියන්නෙ ඒකටම ආවේණික ලක්ෂණ තියන නිශ්චිත කලා මාධ්යයක්. ටෙලිනාට්යය කියන්නෙත් ඒකටම ආවේනික ලක්ෂණ තියන අතිශය සුවිශේෂී නිශ්චිත කලා මාධ්යයක්. මේ දෙක පාරවල් දෙකක යන වාහන දෙකක් මිසක් එකම පාරේ තරගකාරීව යන වාහන දෙකක් නෙමෙයි.
සිනමාව, ටෙලිනාට්ය, වේදිකා නාට්ය, නවකතාව, කෙටිකතාව, ගීතය, කවිය කියන්නෙ ඒ ඒ මාධ්යවලට අනන්ය ලක්ෂණ තියන සුවිශේෂී නිර්මාණ. මේ හැම නිර්මාණයකම අනන්ය වුන නිශ්චිත බලයක් තියනවා.
සමහරවිට ටෙලිවිෂන් තිරයට වඩා සිනමා තිරය ලොකු නිසාද මන්දා හැම අධ්යක්ෂකවරයෙක්ම සිනමාව ලොකු කරගෙන තමනිගේ කූටප්රාප්තිය විදිහට සිනමාව තෝරගෙන තියනවා. සිනමාව තෝරගෙන සුපිරි වැඩ කරපු සහ කරන අයට හිස නමනගමන් මම කියන්නෙ, සිනමාව කළාට කමක් නෑ, ඒත් ටෙලිනාට්යවලට අඩු සැලකිලි කරන්න එපා කියලා.
දෙරණ ප්රධාන විධායක නිලධාරී ලක්සිරි වික්රමගේ මගේ මේ අදහසට 100% ක් එකඟ නෑ. ඒ කොහොම වුනත් ඔහු මාත් එක්ක සිනමාව, ටෙලිනාට්ය, විචාර, ජනප්රිය/සම්භාව්ය සිනමාව සහ ටෙලි ප්රේක්ෂකාගාරය ගැන පැය 3ක් විතර තිස්සේ අපූරු නිදහස් අදහස් දැක්වීමක් කළා. ලක්සිරි ඒ වෙලාවෙ කියූවෙ "අපි සිනමාවටයි, ටෙලිනාට්යයටයි දෙකටම වඳිනවා තමයි... ඒත්, ටෙලිනාට්ය තමයි පහන් පැළ, සිනමාව තමයි දේවාලෙ" කියලා. ඔව්, සිනමාවේ තියන සමහර සුවිශේෂී ලක්ෂණ නිසා සිනමාව දේවාලයක් වෙන්නත් පුළුවන්.
ඒත් මට හිතෙන්නෙ ටෙලිනාට්යවලිනුත් ප්රේක්ෂකයාව මවිත කරන විශ්මිත මැජික් වැඩ කරන්න පුළුවන් කියලා. ඔව්... ටෙලිනාට්ය කලාව දේවාලයක් කරන්න අධ්යක්ෂකවරුන්ට පුළුවන්. ඒත් එහෙම කරන්න නම් ටෙලිනාට්යවලට 100% ක බරක් දෙන්නම ඕන.
සිනමාත්මක බරක් තියන අති සාර්ථක ටෙලිනාට්ය නිර්මාණය කරන්න දැඩි මහන්සියක් ගන්න අධ්යක්ෂකවරුන් කීප දෙනෙකුත් වර්තමානයේ ඉන්න එක සතුටට කරුණක්. ටෙලිනාට්යවලට වඩා සිනමාව හොඳයි හෝ ලොකුයි කියලා හිතුවොත් කවදාවත් ටෙලිනාට්ය කියන සංකල්පය සහ ටෙලිනාට්ය ක්ෂේත්රය නිර්මාණාත්මකව සංවර්ධනය වෙන්නෙ නෑ කියලා මට පෞද්ගලිකව හිතෙනවා.
ගෝලීය කලාව ඇතුළේ සිනමාවට ලැබෙන තැන ගොඩක් වැඩියි තමයි. ඒ වුනාට සිනමාව, ටෙලිනාට්යවලට වඩා ලොකු නෑ කියලා තමයි මම ආයෙ ආයෙත් කියන්නෙ. නිර්මාණකරුවෙක් වුනහම හැම නිර්මාණ වර්ගයකටම සමානව සලකන්න ඕනෙ.
ප්රේක්ෂක ජනතාව සිනමාවට වඩා ටෙලිනාට්යවලට ගොඩක් ළඟයි. ටෙලිනාට්ය සමාජශීලී බවින් වැඩී. ඒක ලොකු වාසියක්. අධ්යක්ෂකවරුන් තමන්ගේ පරමාදර්ශී විවාහය විදිහට සිනමාව කරපින්නගෙන හිටියොත් ටෙලිනාට්යවල තියන සමාජශීලීත්වයේ වාසිය ඒ අධ්යක්ෂවරුන්ට ගන්න බැරි වෙනවා.
ටෙලිනාට්ය ආශ්රය කරනවා නම් කසාද බඳින්න බලාගෙනම බොක්කෙන් ආශ්රය කරන්න. ෆිල්ම්වලට හිතින් ලව් කර කර ටෙලිනාට්ය වලින් ආතල් අරගෙන ටෙලිනාට්ය රවට්ටන්න එපා.
දෙන්නවම ආශ්රය කරලා ටෙලිනාට්යයි සිනමාවයි දෙකම එක්ක විවාහ වුණා කියලා කවුරුත් තරහා වෙන්නෙ නෑ. ඒ දෙකෙන්ම ආතල් ගන්න. ඒ දෙක එක්කම විවාහ වෙන්න. ඒ දෙක එක්කම ගෞරවාන්විත සාර්ථක සරාගී දේවල් කරන්න. එකකින් ආතල් අරගෙන අනිත් එක කසාද බඳින්න ලැස්ති වෙන්න එපා. දෙන්නවම කසාද බැඳලා දෙන්නටම සමානව සලකන්න. ටෙලිනාට්ය කලාවටත් සිනමා කලාවටත් එකහා සමානව ජය වේවා!!
 
මේ මාතෘකාව සම්බන්ධයෙන් අදහස් දක්වන්න ඉදිරිපත් වුන මේ අයට thank you very much...
- මෙල්බන් සරසවි සිනමා පාසලේ සහතිකපත්රධාරී, දෙරණ උප සභාපති සහ ප්රධාන විධායක නිලධාරී ලක්සිරි වික්රමගේ Laksiri Wickramage
- හිරු TV වැඩසටහන් අධ්යක්ෂ විරාජ් වැලිවත්ත Viraj Weliwatte
- රංගන ශිල්පී, නිවේදක, සම්මානනීය අධ්යක්ෂ සහ නිෂ්පාදක චරිත් අබේසිංහ Charith Abeysinghe
 
ලක්මිණ රණසිංහ විසිනි.
 
Back to top
Go to bottom

Popular News