Arjuna's bow, Harishchndra's word and his courage won't fail
වේලු විසින් ධනලක්ෂ්මීව බේරාගැනීමෙන් පස්සෙ ඔවුන්ගෙ පලායාමේ දෙවැනි අදියර ඇරඹුමේදී තමයි,සිනමාකරුවා වේලුගෙ ධෛර්යය වෙනුවෙන් උපමාවක් විදිහට මේ සංගීතාත්මක වචනාර්ථයේ වටිනාකම දෙන්නෙ.
භාරතීය සාහිත්යයයෙ එන රාජකීය වීරයො දෙන්නෙකුගෙ වීරත්වය හා බැඳුනු ස්ථාවරත්වය.
ධනලක්ෂ්මියව පැහැරගැනීමකට ලක්වෙන අවස්ථාවෙදි වේලු කියන්නෙ ඒ සිදුවීමට මුළුමනින්ම ආගන්තුකයෙක්.
ඔහු නොදන්නා නගරයක ගෙවන,පළමු උදෑසනේදී තමන්ගෙ දෛනික ව්යායාම වෙනුවෙන් දුවමින් ඉද්දි දකිනවා,මිනිහෙක් තරුණියක්ව පැහැරගෙන වාහනයකට දාගෙන යන්න උත්සාහ කරනවා.
ඒ දෘෂ්ටියෙන් එහාට ඔහු කිසිම දෙයක් ඒ සිදුවීම ගැන දන්නෙ නෑ.
අවධානයට ලක් වන එකම දේ,
පුද්ගලයෙක්ව අකමැත්තෙන් පැහැරගෙන යන්න හදනවා ,නගරයක මිනිස්සු සියගණනක් කිසිවක් නොකර බලාන ඉන්නවා සහ වින්දිතයා ඊට හුදකලා අසාර්ථක විරෝධයක් දක්වනවා.
ඒ මොහොතෙ වේලු තුළ ස්වභාවයෙන්ම ඉන්න "අයුක්තිය අසාධාරණය රජකරන සමාජයක යුක්තිය සාධාරණය වෙනුවෙන් සටන කරන වීරයා" අවදි වෙනවා..
තරුණියව අඳුනන්නෙ නෑ,ඇය කෙරෙහි කිසිම රොමාන්තික හැඟීමක් නෑ.
එහෙම පිටින්ම අනුන් වෙනුවෙන් කැපකිරීමක්,ජීවිතය අවදානමේ හෙළා ගැනීමක්..
එහෙව් මිනිස්සු අඩු වශයෙන් වුනත් සමාජයෙ ඉන්නවා.
එයාලට ඒ වගේ අවස්ථාවකදි "තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න බැරි විදිහෙ කැක්කුමක්" ඇති වෙනවා.
ලෝක යාත්රාවෙ ගමන මානුෂීයව ගොඩනංවලා තියන්න බර දෙන කුළුණු වෙන්නෙ අන්න ඒ වගේ අල්ප වූ මනුෂ්යත්වය සහ ඒ විදිහෙ මනුස්සයො අතළොස්ස.
මේ කරුණ, සමාජයීයව මොනතරම් පොදු වෙන්න ඕනද කියන එක ගැන ,ජනප්රිය 2012 චිත්රපටියෙ අවසානයෙදි ආචාර්ය ඒඩ්රියන් හෙල්ම්ස්ලි විසින් මේ විදිහට අර්ථ දක්වන්වා
"The moment we stop fighting for each other, that's the moment we lose our humanity."
නිරෝෂ් ගුණසේකර