ගණදෙවි චරිතය රඟපෑමට අවස්ථාව ලැබීම තම ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වූ බව රංගන ශිල්පී හෂාන් රත්නායක පවසයි.
'සුප්‍රීම් ටීවී'හි 'ඉතින් ඉතින් කොහොමද' වැඩසටහනට සහභාගි වෙමින් හෂාන් මේ බව පැවසීය.
'ශ්‍රී ගණදෙවි' නාට්‍ය නිර්මාණය හෙට (05) සිට 'සුප්‍රීම් ටීවී' ඔස්සේ විකාශය වීමට නියමිතය.
දෙවියන් අතර අවඥාවට පවා ලක් වූ ගණදෙවියන් සියලු බාධක සුණු විසුණු කොට දෙවියන් අතර ප්‍රමුඛයා වූ අපූරූ ඓතිහාසික කතා පුවත නව්‍යකරණය කරමින් නිර්මාණය වූ මෑත ඉතිහාසයේ භාරතයේ අතිශයින් ජනාදරයට පත් ජනප්‍රියතම සහ දැවැන්තම ටෙලි සිත්තමේ ශ්‍රී ලාංකේය සාඩම්බර ආගමනය ලෙස "ශ්‍රී ගණ දෙවි" හඳුන්වා දී ඇත.
ශෙහාන් ගලහිටියාවගේ අරුත්බර පද රචනයෙන්, අශාන් ප්‍රනාන්දුගේ සංගීතයෙන් හා සඳරුවන් මුණසිංහගේ ගායනයෙන් ටෙලි නාට්‍ය තේමා ගීය නිමවා තිබේ.