කොළඹ යුගයේ කවීන් අතර වඩාත් ප්රසාදයට පාත්ර වූ කවියා විමලරත්න කුමාරගම. ඒත් කුමාරගමගේ නිර්මාණකරණයට අපේ සමාජයෙන් සාධාරණයක් ඉෂ්ට වුණා ද? ‘විමලරත්න කුමාරගමගේ එකතු කළ කවි’ නමින් කෘතියක් සම්පාදනය කරන සුසිල් සිරිවර්ධන සහ එස් විජේසූරිය මෙන්න මෙහෙම සඳහන් කරනවා.
‘ඔහු තුළ සමයේ බලවත්ම ප්රශ්න හා ප්රවණතා කැටිව පවතී. නූතන ප්රගතිශීලී කවියේ විශිෂ්ඨතම මං සලකුණ ඔහුය. ඔහුගේ ජය මෙන්ම පරාජය තේරුම් නොගෙන, නූතන ප්රගතිශීලී සිංහල සාහිත්ය ව්යාපාරයට යුක්තිය ඉටු කළ නොහැක.’ කුමාරගම වෘත්තියෙන් ආදායම් පාලක නිලධාරී වරයෙක්. වර්තමානයේ ඒ තනතුර සම වෙන්නෙ කොට්ඨාශ ලේකම් ධූරයට. රාජකාරි ජීවිතයේ අත්විදින්නට සිදු වූ බොහෝ â ඔහු තමන්ගේ කවියට විෂය කරගන්නවා. ඒ විතරක් නෙවෙයි. ජීවිතයේ අවසන් කාලයේදී බහු විරිත් උපයෝගී කරගනිමින් සහ සදැස සහ නිසදැස යන සම්ප්රදායයන් දෙක ම උපයෝගී කරගනිමින් කවි ලිව්වා. පසු කලෙක මහගම සේකර වැනි කවීන්ටත් මේ අත්හදා බැලීම් පදනම් වූවා යැයි සිතන්නට පුළුවන්. මහාචාර් ය සරත් විජේසූරිය මේ වැඩසටහනින් කතා කරන්නෙ විමලරත්න කුමාරගම ගැන. ඔහුගේ නිර් මාණ භාවිතය ගැන.
සමන් අතාවුදහෙට්ටි