සිරස පුංචි පැංචි වැඩසටහන හරහා ළමා නිවේදිකාවක් ලෙස ඉමහත් ජනප්රියතාවයට පත් වීමට ඇය සමත් වූවාය.එක ඉත්තක මල් , සිහින වසන්තයක් , ගැහැණු ළමයි යන ටෙලිනාට්ය සහ විවිධ දැන්වීම් ආදියෙන් ඇය පුංචි තිරය හැඩ කළාය.කාලය කෙතරම් ගෙවී ගියත් ඇය රූපයෙන් නම් එදාට බෙහෙවින් සමානය.
පුවත්
ඔබට ඇය මතකද?
විශේෂයෙන්ම 90 දශකයේ පමණ දරුවන්ගේ ළමා කාලය සුන්දර කළ ළමා නිළියක් ලෙස ප්රමුදි කරුණාරත්න හඳුන්වා දිය හැක.එකළ දරුවන් ගේ පළමු ආදරය වශයෙන්ද ඇය හඳුන්වා දිය හැක.ඇය දක්ෂ නිවේදිකාවකි.ඇය දක්ෂ රංගන ශිල්පිනියකි.
මෙම ලිපිය ඇගේ කුඩා සිනමාගමනය පිළිබඳවයි.
2000 වසරේ සෝමරත්න දිසානායක මහතාගේ '' සරෝජා " සිනමාපටයේ '' '' වරුණි " නම් ළමා චරිතය තුළින් ඇය සිනමාවට අවතීර්ණ වේ.තම ප්රථම සිනමාපටයෙන්ම සම්මානයක් කරා යන ඇය , 15 වෙනි ඉස්ෆහාන් අන්තර්ජාතික ළමා හා යොවුන් සම්මාන උළෙලේ හොඳම ළමා නිළිය ලෙස සම්මානයට පාත්ර විය.
2013 වසරේදී තිර ගත වූ අනුරුද්ධ ජයසිංහ මහතාගේ '' බෝම්බ සහ රෝස " සිනමාපටයේ පාසල් දැරියකගේ චරිතයකට ඇය පණ පොවන ලදී.
අවසාන වශයෙන් 2015 වසරේ සත්යජිත් මාඉටිපේ මහතාගේ '' බොර දිය පොකුණ " සිනමාපටයේ '' ටානියා " නම් ළමා චරිතය තුළින් ඇයව අපට දැක ගන්නට ලැබුණි.
තම නාමය කිලිටි නොවන ලෙස රංගන ජීවිතය ගත කළ ඇය , අද වන විට රංගනයට සමු දී ඇත. සුන්දර පවුල් ජීවිතයක් ගත කරන ඇයගේ සියලු කටයුතු සාර්ථක වේවායි අපි ප්රාර්ථනා කරමු.
-
Category
පුවත් -
Hits
218 times